13 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සර්වපාක්ෂික හමුවක් කැඳවනවා – ජීවන් තොන්ඩමන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දීය නිල සංචාරයට එක් වූ ජල සම්පත් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා NDTV මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ , 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බවයි.

අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ , 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බව අවධාරණය කරගත යුතු බවයි.

ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගතය සහ තවත් බොහෝ ගැටලු ඔස්සේ ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි මාර්ගයට පැමිණ ඇති බවත් , ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් වන ස්ථිර විසඳුමක් සඳහා කටයුතු කරන බවත්  ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...