සජබෙන් ගේනවා කියපු කට්ටිය ගේන්න – පොහොට්ටුව රනිල්ට අවසන් දිනය දෙයි. ගාණත් අඩුකරයි !

Date:

ජනාධිපතිවරණ දිනය මේ සතියේදී නිවේදනය කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් එක්ක දේශපාලන පක්ෂ දැන් ලහි ලහියේ ඡන්දයට සූදානම් වෙමින් ඉන්නවා.

මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රධාන පාර්ශ්ව අතරින් දෙකක්, ඒ කියන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නම් දැනටමත් තමන්ගේ අපේක්ෂකයින් නිවේදනය කරලා ඉවරයි.

ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් මේ ගැන නිවේදනය කරලා නැහැ.

ඉතින් ඒ දෙපාර්ශ්වය අතර තීරණාත්මක අවසන් වටයේ සාකච්ඡා මේ දවස්වල පැවැත්වෙමින් තියෙනවා ලු.

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු කරගන්නා බව කියපු පිරිස ආණ්ඩුවට ගේන්නය කියලා පොහොට්ටුව නැවතත් අවසන් දිනයක් දීලා කියලා ආරංචියි. ඒ, ජුලි 26 ලු. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මීට කලින් කියලා තිබුණේ සජබ මන්ත්‍රීවරුන් 25ක් ආණ්ඩුවට ගේන බවක්. ඒත් ඒක මේ දක්වාම නොකෙරුණු නිසා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනෙකුවත් ගේන්න කියලා පොහොට්ටුව මේ පාර කියලා ලු.

26 වෙනිදා වෙනකොට වැඩේ නොකෙරුණොත් පොහොට්ටුව ඊළඟට තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි කියලායි ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...