සජබෙන් ගේනවා කියපු කට්ටිය ගේන්න – පොහොට්ටුව රනිල්ට අවසන් දිනය දෙයි. ගාණත් අඩුකරයි !

Date:

ජනාධිපතිවරණ දිනය මේ සතියේදී නිවේදනය කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් එක්ක දේශපාලන පක්ෂ දැන් ලහි ලහියේ ඡන්දයට සූදානම් වෙමින් ඉන්නවා.

මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රධාන පාර්ශ්ව අතරින් දෙකක්, ඒ කියන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නම් දැනටමත් තමන්ගේ අපේක්ෂකයින් නිවේදනය කරලා ඉවරයි.

ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් මේ ගැන නිවේදනය කරලා නැහැ.

ඉතින් ඒ දෙපාර්ශ්වය අතර තීරණාත්මක අවසන් වටයේ සාකච්ඡා මේ දවස්වල පැවැත්වෙමින් තියෙනවා ලු.

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු කරගන්නා බව කියපු පිරිස ආණ්ඩුවට ගේන්නය කියලා පොහොට්ටුව නැවතත් අවසන් දිනයක් දීලා කියලා ආරංචියි. ඒ, ජුලි 26 ලු. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මීට කලින් කියලා තිබුණේ සජබ මන්ත්‍රීවරුන් 25ක් ආණ්ඩුවට ගේන බවක්. ඒත් ඒක මේ දක්වාම නොකෙරුණු නිසා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනෙකුවත් ගේන්න කියලා පොහොට්ටුව මේ පාර කියලා ලු.

26 වෙනිදා වෙනකොට වැඩේ නොකෙරුණොත් පොහොට්ටුව ඊළඟට තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි කියලායි ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...