සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :
මේ ශතකය මගේ අම්මා වෙනුවෙන්
මගේ හොඳම රසිකයා අම්මා. ඇගේ අසනීප තත්ත්වය නිසා ඇය පසුගිය වසර දහතුන පුරාවට මා ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ නැහැ.
වසර දහතුනකට පසු අද ඇය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේ මා ක්‍රීඩා කරන තරගයක් නැරඹීමටයි.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මගේ නිවසට ඉතා ආසන්න බැවින් ඇයට පැමිණීමට පහසු විය.
This celebration for my mom
My best fan is mom. Due to her illness, she has not come to the stadium to watch an international match where I play for the last thirteen years.
Thirteen years later, today she came to the Rangiri Dambulla International Cricket Stadium to watch a match I was playing.
Rangiri Dambulla International Cricket Stadium is very close to my house so it was easy for her to come මේ වචන ටික උපුටා ගත්තෙ චමරි අතපත්තුගෙ මුහුණු පොතෙන්.
චමරිගෙ ගෙදර ඉදන් දඹුල්ලට කිලෝ මීටර් 50 ක් නැහැ.පැය භාගයක විතර ගමන් දුරක්.මට චමරි මේ දේ කිව්වම මතක් වුණේ පැරිස් ඔලිම්පික් යන අපේ මලල ක්‍රීඩක කණ්ඩායම.2020 ටෝකියෝ ගියේ නිමාලි ලියනආරච්චි.ඇය සූරියවැව.ඇයටත් පුළුවන් ඕනිනම් අම්මාව පහසුවෙන් සූරියවැව ක්‍රිකට් මැච් එකක් බලන්න එක්ක යන්න තමයි.දැන්නම් හම්බන්තොට අධිවේගය නිසා ඉක්මණින් කොළඹ එන්න පුළුවන්.ගුවන් හමුදාවත් මැදිහත් වෙලා නිමා කරපු කොට්ටාවෙ තියෙන ගෙදර නිසා නිමාලිලට දැන් පහසු වුණාට තරගයක් බලන්න එනවා කියන එක තේරනෙ වචනවලින්ම කිව්වොත් “පට්ට කට්ටක්”
අරුණ දර්ශන ඔලිම්පික් යනවා.අම්මා කන්තලේ.තරග බලන්න එන්න කිව්වොත් ඊට පස්සෙ ඇයට ගමන් වෙහෙසට ප්‍රතිකාර කරන්න වෙන්නෙ.තරුශිට දැන් ටිකක් පහසුයි.වාහනයක් තියෙනවා.අනුග්‍රහ ලැබුණා.ඒ නිසා හොඳයි.හැබැයි ඒත් චමරිගෙ අම්මට වගෙ කිලෝ මීටර් 50 ට අඩු දුරින් දුවනවා බලන්න ජාතික මට්ටමේ තරගයක් තියෙන තැනක් නැහැ.පරකඩුවෙන් උදේ 5.00 ට නැගිටලා පුහුණුවීම්වලට දිනපතාම වගෙ කොළඹ එන නදීශා දිල්හානි කන කට්ට අපි කවුරුත් දන්නවා.ඒ නිසා අම්මල තරග නරඹන්න පිට්ටනිය වටේ ඉන්න එක සිහිනයක්.
ඒත් චමරිට අම්මා ළඟ ඉන්නවා දැනෙනවා.අම්මා වෙනුවෙන් සීයක් ගහනවා.සීය ගහලා ගිහිං අම්මව වැළද ගන්න පුළුවන් දුවෙක් වීමේ ආඩම්බරය ඇය මවට දෙනවා.
ඒ ඇයි?
ලංකාවෙ ක්‍රිකට් ගහන අන්තර්ජාතික ක්‍රීඩාංගණ කා යටතෙ ද තියෙන්නෙ.ශ්‍රී ලංකා ක්‍රිකට් යටතෙ.එ් පිට්ටනියක් කොච්චර වටිනවද? ඒ පිට්ටනියක තියෙන පහසුකම් කොච්චර වටිනවද? මේ තමයි හුඟ දෙනෙක් හොරු කියන ක්‍රිකට්වල ඇත්ත පෙණුම.සූරියවැව,දඹුල්ල මේ විදිහට ක්‍රිකට් සංචාරකයන්ගෙ කේන්ද්‍රස්ථානයක් වෙන මට්ටමට ඔළුව උස්සන්නෙත් ක්‍රිකට් නිසා.වවන එළවළුවෙ රටකජුවල,කුරක්ක් වල රහට මිලක් වැටෙන සංස්කෘතියක් හැදෙන්නෙත් ඒ නිසා.
දැන් ක්‍රිකට් හිතන්නෙ තවත් දඹුල්ල වගෙ ක්‍රීඩාංගණයක් ගැන.මේවට පළාත්වලින් හරි මැදිහත්වීමක් වෙන්න ඕනි.රත්නපුර වගෙ තැනක නව නගරය ආශ්‍රිතව විශාල ඉඩක් හොයාගන්න තියෙද්දි මොණරවිල වගෙ ඟංවතුර අවදානම තියෙන තැනකට පිට්ටනියක් යෝජනා වීම එක උදාහරණයක්.හැබැයි මේ සියල්ල අන්තිමට කැරකිලා එන්නෙ උඩට.මතුවෙන්නෙත් අඩු පාඩු.කතා කරන්නෙත් ඒවා ගැන.
ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අලුතෙන් ආවොත් ලංකාවට ලෝක කුසලාන තරගාවලියක් තනියෙන් කරන්න ලැබෙනවා.ඒ නිසා තමයි මේ විදිහට ඉඩක් හොයන්නෙ.හැබැයි අනිත් ක්‍රීඩාවන්ට මෙහෙම පරිපාලනයක් නැහැ.තමන්ට කියලා ක්‍රීඩකයෙක් පාලනය කරගන්න වත්කමක් නැති ක්‍රීඩා පරිපාලනවලට පිට්ටනියක් නැහැ.එහෙම වත්කමක් තියෙන අනිත් ක්‍රීඩාව පාපන්දු වුණත් ඒක හැම මට්ටමකම මිනිස්සු සෙල්ලම් කරන ක්‍රීඩාවක් වුණත් දකුණු ආසියාවෙත් තියෙන්නෙ පහළ.
ක්‍රිකට් එහෙම නොවෙන්නෙ ඇයි?
ක්‍රීඩකයන් උපතෙන් ගෙනාපු හැකියාව නිසාමද?එහෙම නැත්නම් මොනව හරි පිළිගන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවද?පහසුකම්,ක්‍රීඩාංගණ,ගමේ දක්ෂයෝ හොයන්න සැළසුම්.ඒ වගෙම එහෙම මතු වුණාම එන්න පාරක් තියෙනවද?රටම පේන පරිපාලන ඇසකින් ක්‍රිකට් අධ්‍යයනය වෙනවද?
උපතෙන් ගෙනාපු හැකියාවට විතරක් එහෙම කරන්න පුළුවන්නම් මලල ක්‍රීඩා වුණත් තියෙන්න ඕනි ගොඩක් ඉස්සරහ.අපේ දක්ෂතා ගැන හොඳම කියවීමක් හැටියට රිටි පැනීමේ ඉසව්ව ගන්න පුළුවන්.උපතින් ගේන දස්කම් ඔප මට්ටම් කරලා ගන්න පුළුවන් සීමාවෙදි දමිත් මධුරංග කියන තරුණයා මීටර් 4.30 ක් උස පනිනවා අවුරුදු 17 න් පහළ.දැන් ඔහු ඉන්නෙ කාලෙක ඉදලා ඉතාලියෙ.ඔහු අවුරුදු 20 පැනපු ගමන් වගෙ ඉතාලි ගියහම ඒ උස හොඳ එකක් කියලා තමයි ඉතාලිය පිළිගන්නෙ.ඔහු ක්‍රීඩාවටත් සම්බන්ධ වෙනවා.පස්සෙ අත අරිනවා.දැන් එහිම රැකියාවක.
දමිත්ලගෙ උපන් හැකියාව ඔප කරන්න පුළුවන් සීමාවෙන් එහාට අරගෙන යන්න අවශ්‍යය තාක්ෂණීක පහසුකම් දෙන්න පුළුවන් තත්ත්වයක ලංකාවෙ මලල ක්‍රීඩාව නැහැ.හැබැයි දෙන්න පුළුවන් මට්ටමේ එවත් නොදී ගැටළුවක් ආවම ඔක්කොම දෙන්න පුළුවන් පරිපාලනයක් වගෙ කතා කරන්න ඉදිරිපත් වෙනවා.ඒකත්පස්ව නමස්කාර පූර්වකව කතා කරන්න ඕනි නිලධාරීන් තමයි ලංකාවෙ ගොඩක් පරිපාලනවල ඉන්නෙ.අමාරුවෙන් පුහුණුවෙලා පදක්කමක් ගත්තම ඒක තමන්ගෙ පරිපාලනය යටතෙ ආපු එකක්,අපි මීට් එකට ඇරියෙ නැත්නම් තේරුවෙ නැත්නම් කොහො ගන්නද වගෙ සිතුවිලිවලින් ක්‍රීඩකයො,පුහුණුකරුවො සදාකාලික ආතුරයො කරලා ඉන්න සංස්කෘතියක තමයි හුඟක් ක්‍රීඩා දුවන්නෙ.
ඒ නිසා මේ චමරි කියන කතාව ක්‍රිකට්වලට විතිරක් නෙමෙයි අනිත් ක්‍රීඩා ගැනත් සළකල බලන්න වටිනවා.චමරිම ඉගෙනගත්තු ඉබ්බාගමුවෙන් පටන්ගත්ත කෙල්ලෙක්ට තමයි තවමත් ලංකාවෙ උස පැනීමේ වාර්තාව තියෙන්නෙ.ඒ ප්‍රියංගිකා මධුමන්ති.ලංකාවට ලෝක ආරක්ෂක සේවා තරගාවලියක තියෙන එකම රන් පදක්කම මලල ක්‍රීඩාවෙන් ගෙනත් දුන්නෙ මේනකා වික්‍රමසිංහත් ඉබ්බාගමුවෙන් ආවෙ.කවුද මධුමන්ති ගැන මේනකා ගැන දන්නෙ.ආසියානු කුසලානයක දක්වපු දක්ෂතාවයකට අජන්ත මෙණ්ඩිස්ට යන්න පුළුවන් වෙච්චි දුර කොච්චරද?හැබැයි ඒ සේනාධිනායකයාම ලෝක මට්ටමේ රන් පදක්කම ගත්තු මේනකාට එහෙම සැළකුවේ නැහැ.
මේ හැම දෙයක්ම ක්‍රිකට් සල්ලි වියදම් කරලා තියෙන පලදායි තත්ත්වය නිසා උකහා ගන්න ආකර්ශණය.කවුරු හරි වෙන විදිහකට පරිපාලනයට දේශපාලන පිමිවලින් පනින්න හදන්නෙ එච්චර වැඩ කරන්න පුළුවන් සල්ලි මැෂිමක් විදිහට ක්‍රිකට් පරිපාලනය පේන නිසා.හැබැයි මැෂිම සල්ල කන එකක් කරලා පඩි ගෙවා ගන්න බැරි තරමට ලෙඩ කරන්නත් පුළුවන්.පත් වෙච්චි අතුරු කමිටු ඒවටත් උදාහරණ පෙන්නලා තියෙනවා.
චමරිගෙ අම්මාගෙ කතාවෙ යටින් දිවෙන්නෙ ක්‍රිකට් සහ අනිත් ක්‍රීඩා අතර තියෙන නෙපෑහෙන් සංස්කෘතිය.ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ හැඳෙන්න ඒ විදිහට ඔවුන්ව මෙහෙයවන්න පරිපාලනයක් ඕනි.යටිතල පහසුකම් ඕනි.දැන් පාසල්වලටත් පන්දු යැවීමේ යන්තර ලැබෙමින් තිබෙන කාලයක්.එහෙම පොහොසත් වුණාම ක්‍රිකට් සහ අනිත් ක්‍රීඩාවන් අතර පරතරය එන්න එන්න වැඩි වෙයි.මේකට විසඳුම මලල ක්‍රීඩාවට දුවලා තියෙනවද,වොලිබෝලයට ගහලා තියෙනවද කියලා හොයන්නෙ නැතුව ඒ ක්‍රීඩාවන්ට ආදරේ අයට අවස්ථාව දීම.ඡන්දෙට ඡන්ද ගන්න කාලා බීලා නඩු කියාගෙන පුටුවට ආවම එතන ඉදලා ඒ පරිපාලන අමාත්‍යංශය පැත්තට කට හැරුණු කැට වගේ.
චමරිගෙ අම්මව දඹුල්ලෙ නෙමෙයි ලෝකයෙ කොහේ හරි තියෙන තරගයකට ක්‍රීකට් පරිපාලනයෙන් වියදම් කරලා එක්කගෙන ගියත් මොකුත් කියන්න දෙයක් නැහැ.චමරි ඒ තරම් රටට වටිනවා.හැබැයි වැඩේ චමරිට කිටිටු තැනෙක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න පහසුකම් ස්ථාපිත කරලා තිබීමයි.තවත් චමරිලා හැඳෙනකොට චමරිට වඩා පහසුවෙන් ඒ සුදුසුකම් සාක්ෂාත් කරගන්න හදලා තියෙන ඉඩයි වැදගත්.
මේ ඡායාරූපයේ තියෙන්නෙ චමරි ශතකයෙන් පසුව අම්මාට ආචාර කරන අයුරුයි.