ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!

Date:

කොළඹ LNW:මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

වී.එෆ්.එස් මගඩිය පිළිබදව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ඊට හේතු වී තිබේ.

හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිගත නොහැකි බවත්, එම වාර්තාව සදහා තමන්ගේ එකඟතාවයක් නොතිබුණු බවටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කළ චෝදනා මඟින් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවයි හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව දැන් තමන්ව හිරේ දැමීමේ උත්සහයක් පවතින බවට අද (23) පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනා සියල්ල වෙන් වෙන්ව සහ එක්ව ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටින්නේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එල්ල කරන ලද චෝදනා සියල්ල විමසා බලා එම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙන තෙක් තමන් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වන බවයි.

ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳවද තමන් ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගෙන මෙවැනිම සිදුවීමක් වූ අතර මෙවැනි දේ අලුත් අත්දැකීම් නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...