පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.

ඒ, අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමෙන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම කැඳවා තිබුණි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ගැන මූලික සාකච්ජාවක් අද සිදුකර තිබෙන අතර ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුවක් නොගත් බවයි විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපතිවරණය නම් කළ විගස අපේක්ෂකයින්ගේ ඉල්ලීම් ලද සැණින් ඒ ගැන දේශපාලන මණ්ඩලය තුළ සාකච්ජා අකර තීරණයක් ගන්න බව හෙතෙම කියා සිටියේය.

කෙසේවෙතත් කවුද ජනාධිපති විය යුත්තේ යන්න පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් දෙනාට අවබෝධයක් තිබෙන බවද අමාත්‍යවරයා පවසන ලදී.

තමන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන අතර එහි වෙනසක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට යළි ජනාධිපති ධූරය හිමිවිය යුතුය යන මතයේ බහුතරයක් සිටින බවයි විජේසේකර මහතා තවදුරටත් සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ පසු පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා මැදිහත්වන බවද අමත්‍යවරයා කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද මත දෙකක් නොමැති අතර සුදුසුම කෙනා ඉදිරිපත් කළ යුතුය යන මතයේ පක්ෂය සිටින බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...