*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කළු ජූලියට වසර 41 යි. යුද්ධයෙන් ඉතිරි වුණු ප්‍රශ්න ගැන පාලකයින් අද ඉන්නෙත් 83 හිටපු තැනමයි – ජන අරගල සන්ධානය

සටහන – රුවන් නෙළුගොල්ල

යුද්ධය විසින් ඉතිරි කර තිබෙන අතුරුදන් වුවන් පිලිබඳ ප්‍රශ්න, දේශපාලන ඝාතන පිලිබඳ ප්‍රශ්න, යුද අපරාධ පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයන් අද වනවිට සිටින්නේත් 1983 සිටි තැනම බව ජන අරගල සන්ධානයේ සාමාජික, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පවසයි.

“අපි ජන අරගල සන්ධානය පළමුවෙන් අද වගේම දවසක, මීට වසර 41කට කලින් මේ රටේ 1983 ඇතිවුණු කළු ජුලිය සිහිපත් කරනවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කරලා එයට එරෙහි අරගලයක් ආවම ඒ අරගලය වෙත මර්දනය එල්ල කළා. එයට ත්‍රස්තවාදී මර්දන පනත වගේ අයුක්තිසහගත නීති භාවිතා කළා. අවසානයේදී එය යුද්ධයක් දක්වා වර්ධනය වුනා. අද වනවිට යුද්ධය විසින් ඉතිරි කර තිබෙන අතුරුදන් වුවන් පිලිබඳ ප්‍රශ්න, දේශපාලන ඝාතන පිලිබඳ ප්‍රශ්න, යුද අපරාධ පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයන් ඉන්නෙත් 1983දී හිටපු තැනමයි. අපි මේ අයුක්තියට එරෙහිව සටන් වැඩිය යුතුයි. ජන අරගල සන්ධානය ඒ සෑම අරගලයක් සමගම අත්වැල් බැඳගෙන සිටිනවා. යුද්ධයෙන් මියගිය අය සැමරීමටවත් අද උතුරේ ජනතාවට ඉඩ දෙන්නේ නෑ. ඒ සෑම අවස්ථාවකදීම අපි ඔබ සමග හිට ගන්නවා. ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ජන අරගල සන්ධානය ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවට දේශපාලන බලය ලැබෙන නව රාජ්‍ය ව්‍යුහයක් ගොඩ නගමු, ආර්ථික සමානාත්මතාවය ගොඩ නගමු. ජාතිවාදය – ජාතික පීඩනය පරාජය කරමු. අප ඒ ගැන ඔබට පොරොන්දු දෙනවා නෙවෙයි, අපට බලය දුන්නොත් ඔබට අරවා මේවා දෙන්නම් කියනවා නෙවෙයි. අපි ඔක්කොම එකට එකතු වෙලා ජනතාවට බලය ගන්න අරගල කරමු කියන්න ජන අරගල ව්‍යාපාරය එන්නේ. මෙතන ඉන්නේ 2022 ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ වූ සිංහල – තමිල් – මුස්ලිම් – කඳුකර තමිල් ක්‍රියාධරයන්. අපි ඔබට අරගලය සඳහා ආරාධනා කරන්නේ එහි නිරත වන අතර. එහි ඉදිරියෙන්ම සිටින අතර. මැතිවරණය කියන්නෙත් අරගලයක්. ඒ අරගලයටත් අපි එකතු වෙමු. අපි එකිනෙකාව විශ්වාස කරමු. අපි එකිනෙකා හඳුනාගෙන අත්වැල් බැඳ ගමු”

තරිඳු උඩුවරගෙදර මහතා මේ බව පැවසුවේ අද (23) යාපනය Trimmer ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ජන අරගල සන්ධානය නියෝජනය කරමින් සෙන්දිවේල්, වසන්ත මුදලිගේ, ස්වස්තිකා අරුල්ලිංගම්, රාජ්කුමාර් රජීව්කාන්ත්, තරිඳු උඩුවරගෙදර, ධනූෂ ගිහාන් පතිරණ, ප්‍රෂාන්ති, සිතාරා කුලරත්න, ප්‍රදීපන්, දුමින්ද නාගමුව, මාක්ස් ප්‍රභාකර්, වී. මහේන්ද්‍රන් අදහස් දැක්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan