“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” කැසිනෝව : ශාරුක් වෙනුවට රිතික් රෝෂන් එයි !

Date:

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ තවත් සුපිරි නළුවකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, අගෝස්තු 02 වනදා පැවැත්වෙන එම උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව සඳහන්.

මීට පෙර මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව සිටියේ බොලිවුඩයේ රජු හෙවත් “කිං ඛාන්” වශයෙන් හැඳින්වෙන ශාරුක් ඛාන් ය. කෙසේවෙතත් නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත තමන්ට එම උත්සවයට සහභාගී වීමට නොහැකි බව ශාරුක් ඛාන් පසුගිය සතියේදී දැනුම් දී තිබිණි.

ජෝන් කීල්ස් සමාගම විසින් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකළ “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” පරිශ්‍රය තුළ මෙම කැසිනෝ ශාලාව පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇත්තේ හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන Melco Resorts & Entertainment Ltd විසිනි. එහි හිමිකරු Lawrence Ho Yau Lung නමැති කැසිනෝ ව්‍යාපාරිකයකු බව සඳහන්. ඔහු සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැකාවු, සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැනිලා ඇතුළු කැසිනෝ ව්‍යාපාර කිහිපයක්ම රටවල් කිහිපයක පවත්වාගෙන යන අයෙකි.

අගෝස්තු 02 වනදා පැවැත්වීමට නියමිත මෙහි විවෘත කිරීමේ උත්සවය ආරාධිතයින්ට පමණක් වෙන්වූ උත්සවයකි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...