එදිරිවාදියාට රිද්දීමට නිලයක් සොයමින් පොදු මිතුරෙක් සෙවීම පැහැර හරින නක්වි

Date:

නිශ්මං රණසිංහ ජූලි 23, කොළඹ LNW:

දකුණු ආසියාවේ භූ දේශපාලනික ගැටළු හේතුවෙන් බොහෝ විට ක්‍රීඩා පරිපාලනය දේශපාලකයන්ගෙන් බැහැරව පවතින්නේනම් වැදගත්ය.එය ක්‍රීඩාවන්ට අදාළ පරිපාලන තීරණ ගැනිම පවතින ක්‍රීඩා ව්‍යවස්ථාවට අනුව අදාළ ක්‍රීඩාවේ පරිපාලන ඒකකයට පවරා දේශපාලන නායකත්වය අධික්ෂණ කාරණයක් සිඳු කිරීම ප්‍රමාණවත්ය.එහෙත් ශ්‍රී ලංකාවේ ද එම අධීක්ෂණ කාර්යෙන් පිට වැඩ කරන්නට යාම සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අතර දේශපාලකයා තීරණ ගැනීමේ බලය ව්‍යවස්ථාපිතව තමන් සතුව තිබීම පාදක කරගෙන මැදිහත්වීමේ සීමාව නොදැන වැඩ කිරීමේ ක්‍රියාවන් අදටත් දැන ගන්නට ලැබෙයි.ඒ නිසා සමහර අනාගයට රටේ ක්‍රීඩාවන්ට බලපාන ගැටළු නෛතිකව ස්ථාපනය කිරීම් දේශපාලක අත පෙවීම් හරහා සිඳු වේ.


මේ කාරණයේ අලුත්ම මුහුණුවර මේ මොහොතේ දී ආසියානු ක්‍රිකට් සම්බන්ධයෙන් දැක ගන්නට ලැබෙයි.ඉන්දියාව සමග භු දේශපාලනික ගැටළුවක සිටින බංගලාදේශය සහ පකිස්තානය දරන ස්ථාවරය නිසා ආසියාවටම බලපාන පරිදි ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය පැවත්වීම පවා අවදානමකට ල් වී ඇත.බංගලාදේශයේ පැවත්වීමට යෝජනා වී තිබුණ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමට ඉන්දියාව සහභාගි නොවන බව පැවසීමෙන් ඇති වූ මේ තත්ත්වය ආසියානු සභාපතිවරයා වන මොහ්සින් නක්වි නොසළකා හැරීමෙන් මේ තත්ත්වය ඇති වී ඇත.නක්වි මෙම තීරණයට එළෑඹී ඇත්තේ ආසියානු සභාපතිවරයා වුවත් ඔහු පකිස්තානයේ සභාපතිවරයා ද වන බැවිනි.එපමණක් නොව එරට රජයේ ඇමතිවරයෙකු ලෙස ආසියාවේ ක්‍රිකට් කියන සාධකයට වඩා ඉන්දියාවට ඇහුං කං නොදිමේ දේශපාලන අවශ්‍යයතාවය නිසා නක්වි මෙම තීරණයේ තදින් ඇලී සිටියි.


කෙසේ වුව ද ලැබෙන ආරංචි අනුව ඉන්දියාවට සහයෝගයට මේ වන විට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ද එක්ව ඇත. රැස්වීම පැවැත්වීමට නම්, ස්ථිර (ටෙස්ට් ක්‍රීඩා කරන) සාමාජිකයින් තිදෙනෙකු සහභාගී විය යුතුය යන්න පැවසෙන බැවින් මේ තත්ත්වය මත පකිස්තානය සහ බංගලාදේශය පමණක් ඉතුරුවීම නිසා ද මේ රැස්වීම පැවත්වීමේ අවදානම පැන නැඟී ඇත.
වාර්තාවට අනුව, ACC ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ අවම වශයෙන් පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයින් 10 දෙනෙකු රැස්වීමට සහභාගී විය යුතු බවයි. නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, හොංකොං කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ කටාර් යන සියල්ලම පූර්ණ සාමාජිකයින් වේ. සාමාජිකයින් වන්නේ බහරේන්, භූතානය, කාම්බෝජය, ටජිකිස්තානය, මාලදිවයින, ජපානය, ඉරානය, චීනය, මියන්මාරය සහ ඉන්දුනීසියාවයි.


මෙම රටවල් අතරින් ද, ඕමානය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, භූතානය, මාලදිවයින, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල පැමිණීම සැක සහිත බව වාර්තා වී ඇත.මේ තත්ත්වය මත සිය රටේ දේශපාලන න්‍යාය පත්‍රය මුල් කර ගනිමින් ඉන්දියාවට බලපෑම් කරන්නට උත්සාහ කරන නක්වි සභාපතිවරයා මේ සිඳු කරන්නේ ආසියාවේම ක්‍රිකට් වලට දේශපාලනික ආයුධයකින් පහර දීමකි.


ඉන්දියාව කළාපයේ නොව ලෝකයේ ද ඉදිරියෙන්ම සිටින ක්‍රිකට් බලවතා යන සාධකය වඩා මෙහිදී සිතිය යුතුව ඇති කාරණය ආසියානු ප්‍රධානියා ලෙස නක්වි භු දේශපාලනික අරුබූද නිසා විරසකවීම් නොමැති තැනෙකට ආසියානු ක්‍රිකට් සාමාජිකයින් කැඳවන්නට උත්සාහ කිරීමය.පූසාගේ කටට එන්න යැයි මීයාට කරන සුරක්ෂිතතාවය සම්බන්ධ සහතිකයක් නැති ආරාධනය වෙත ඉන්දියාව යා යුතුය කියා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.සුරක්ෂිතතාවයේ විශ්වාසය මත පදනම්ව ක්‍රියා කිරීමට හැකි පොළවක් තීරණය කිරීම ප්‍රධානියාගේ වගකීම වන අතර ස්වීය දේශපාලනික ස්ථාවරය ආසියාවේ ක්‍රිකට්වලට ඉදිරියෙන් තබා ගනිමින් කටයුතු කරන නක්වි මඟ හැර ඇත්තේ එයය.


මේ සම්බන්ධයෙන් අයිසීසී ය සිංගප්පූරුවේ රැස්වෙද්දී නක්වී එය ද මඟ හැර ගියේ අයිසීසී බලපැමක් ඇති වෙනු ඇතැයි සැකයෙන් විය යුතුය.එහි ප්‍රධානියා ඉන්දියානුවෙක් වීම ද ඊට හේතු වන්නට ඇත.කෙසේ වුව දේශාපාලනික වශයෙන් ඇවිලෙන්නට ඉඩ ඇති තැනෙකට නොගොස් අයිසීසී ය සිංගප්පූරුවට පැමිණි ආකාරයට පොදු මිතුරෙකු ගාන සිතීමට නක්විට දැන් ඉතිරිව ඇත්තේ එක දවසකි.ඔහු සභාපතිවරයා බවට පත් කළ ආසියාවේ රටවල එකඟතාවය මිස ඔහු දේශපාලකයෙකු ලෙස ඇමතිවරයෙකු කළ පකිස්තානයේ දේශපාලන තීරණ මත ආසියානු ක්‍රිකට් හසුරුවන්නට යාම අනුචිතය.ඒ නිසා ජූලි 23 වන දා ආසියානු ළාපයේ ක්‍රීකට් සම්බන්ධයෙන් ඇති විය හැකි නරකම බලපෑමක් සභාපතිවරයාගේ අනම්‍ය තීරණය නිසා සිඳුවිය හැකිය.තව පැය විසි හතරක් තුළ එය වෙනස් කිරීමට ක්‍රිකට්මය ආදරයක් සහ උවමනාවක් ආසියානු සභාපතිවරයාට ඇති වෙයිද යන්න සැක සහිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි!

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් පද්ධතිය ජාතික...

ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි!

කොළඹ LNW:තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින්...

ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සිය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයෙන්...