ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනාවක් තිස්සේ පැවති දැඩි සාකච්ඡාවට ගණනාවකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජපාන අපනයන සඳහා 15%ක තිරුබදු අඩු කිරීමක් නිවේදනය කර තිබේ.

ඊයේ(22)දිනයේදී අත්සන් කරන ලද මෙම නව වෙළඳ ගිවිසුමට අනුව එක්සත් ජනපදය ජපාන අපනයන සඳහා සියයට 15 ක තීරු බදු අවම කිරීමට සාපේක්ෂව ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කිරීමට නියමිතය.

ජනාධිපති ට්‍රම්ප් සිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ජපානය සමඟ දැවැන්ත ගනුදෙනුවක් අවසන් කළ බවත්, එය මෙතෙක් සිදු කර ඇති විශාලතම ගනුදෙනුව විය හැකි බවත්,මගේ මඟ පෙන්වීම අනුව ජපානය එක්සත් ජනපදයට ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරනු ඇති අතර එමඟින් ලාභයෙන් 90% ක් එක්සත් ජනපදයට ලැබෙනු ඇති බවත්ය.

ඒ අනුව, ජපානය මෝටර් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා ද විවෘත කරන බව ට්‍රම්ප් පැවසූ අතර, මෙම ගනුදෙනුව ලක්ෂ ගණනක් රැකියා නිර්මාණය කරන බව ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි!

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් පද්ධතිය ජාතික...

ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි!

කොළඹ LNW:තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින්...

ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සිය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයෙන්...