චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

” ශ්‍රී ලංකා මිත්‍රත්ව පා පැදි සවාරිය ” සදහා සහභාගී වීමට චීනයේ Guangzhou, නුවර සිට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගකරුවන් 20 දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ. මෙම පා පැදි සවාරිය ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සංවිධානය කරන ලද්දකි.

ඒ අනුව, දෙවන වරටත් සංවිධානය කරන මෙම පා පැදි සවාරිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගතරගකරුවන් 20 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ද වාර්තා වේ. මෙම පා පැදි සවාරිය 07/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ අසළින් ආරම්භ වී කොළඹ , බෙන්තොට , හික්කඩුව , ගාල්ල , මිරිස්ස , දික්වැල්ල ඔස්සේ පැමිණ හම්බන්තොට ෂැංග්‍රිල්ලා හෝටලය අසළින් නිමාවට පත් වීමට නියමිතයි.

මෙම සවාරිය දින 03 ක් තුළ පවත්වනු ඇති. පසුව,මෙම පා පැදි සවාරිය අවසානයේ චීනයේ ග්වැන්ෂෝ පා පැදි සංගමය විසින් මෙරට පා පැදි තරගකරුවන් හට පා පැදි තරග සදහා භාවිතා කරන පා පැදි , පාවහන් , හිස්වැසුම් , ජර්සි ඇදුම් ඇතුළු විශාල ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ මෙම චීන පා පැදි තරගකරුවන් පිරිස, උසස් අන්දමින් පිළිගැනීමට මෙම පා පැදි සවාරියේ සංවිධායකවරුන් ක්‍රියා කල බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මික පෙරේරා ලාෆ්ස් සමූහයත් එකතු කරගනිමින් ගෑස්, සුපිරි වෙළඳසැල්, ලිහිසි තෙල් සහ ටයර් වෙළඳපොලටත් පිවිසෙයි !

ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සිය...

සීමා නීර්ණයට නැවත කොමිසමක් පත්කරනවා. පළාත් සභා ඡන්දය ලබන වසරේ තියන්න බලාපොරොත්තු වෙනවා – ටිල්වින්

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී...

විපක්ෂ නායක සජිත් ඇල්ලේ බස් අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වයි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස්...