අනියම් ප්‍රේමයේ අවසන සිදු වූ ඝාතනයක් වෙනුවෙන් වසර 19 කට පසු වරදකරුවන්ට මරණ දඬුවම!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුට පොලු වලින් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කරනු ලැබීය.

ඒ අනුව, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් එම විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඩුවම නියම කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව මෙසේ මරණ දඬුවම නියම වූයේ, හිඟුරක්ගොඩ උනගලාවෙහෙර චන්දන පොකූණ 10 ඇළ පදිංචිකරුවන් වන ඒ එම් විජේරත්න සහ ඒ එම් රසික ප්‍රදීප් බංඩාර සහ ඒ එම් රොෂාන් ප්‍රදීප් බංඩාර යන පිය පුතු දෙදෙනකුට සහ ඒ බී සිසිර කුමාර යන විත්තිකරුවන්ටය මෙම නඩුවේ 5 සහ 6 වන විත්තිකරුවන් ලෙස නම් කර සිටි ඩී එම් නිමල් දිසානායක සහ ඒ ජී හීන් බණ්ඩා යන දෙදෙනාටද නීතිපතිවරයා විසින් අධිචෝදනා බාර දී තිබූ අතර නඩු විභාගය අතරතුර එම විත්තිකරුවන් දෙදෙනා මිය ගොස් තිබූ බවද වාර්තා වේ.

විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.ඒ අනුව විත්තිකරුවන් මැනී මැරීමේ අපරාධයට වරදකරුවන් බවට තීන්දු කර තිබෙන බවද ස්වකීය තීන්දුව මගින් ප්‍රකාශ කල මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් මෙතැන් සිට මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනගාරයට රැගෙන ගොස් ජනාධිපතිවරයා තීරණය කරනු ලබන දිනයකදී යුෂ්මතුන්ගේ බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබා මරා දමන ලෙසට නියෝග කරන බවද පැවසිය.

පළමු විත්තිකාර පියා සිය පුතුන් දෙදෙනා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ එක්ව මරණකාර නිමල් ජයතිලක නැමැත්තාට පොලු වලින් පහර දී ඝාතනය කර පසුව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මහමඟ දමා ගොස් ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ වී ඇති අතර, මෙම අපරාධයේ සුළමුල සොයා ගැනීමට හිඟුරක්ගොඩ පොලිසියට හැකි වූයේ ඝාතනයෙන් මාස දෙකකට පසුව වන අතර විත්තිකරුවන් මෙම අපරාධය සිදු කරන අයුරු ගසක් මත නැග බලා සිටි පුද්ගලයෙකුගේ එක් ඇසින් දුටු සාක්සියක් පමණක් උපයෝගි කර ගෙන විත්තිකරුවන් ඔවුනට එරෙහිව එල්ල වී තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරුවන් කිරීමට මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා සමත් වීම විශේෂත්වයකි.

2006 වසරේ මැයි මස 14 වන දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හිඟුරක්ගොඩදී මණ්ඩල වල්ලි කුඩා රදල පටබැදි හංගිලි ගෙදර නිමල් ජයතිලක යන අය ඝාතනය කල බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 496 වන වගන්තිය ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාවරයා ඇතුළු පිරිසක් නඩුවේ සාක්සිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා පොළොන්නරුව මහාධිකරණයට යොමු කර තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චන්දික තිලකරත්න මහතා පෙනී සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...