ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි!

Date:

කොළඹ LNW:තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

එම පෙත්සම අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දී ඇත.

ඒ අනුව අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...