*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

GSP ප්ලස් බදු සහනය ආරක්ෂා කරගන්නා ලෙස යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්!

GSP ප්ලස් බදු සහනය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතුව ඇතැයි යුරෝපා සංගමය දැනුම් දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් තවදුරටත් කැපවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

යුරෝපා සංගමය මේ බව අවධාරණය කරන්නේ ගෝල්ෆේස් අරගල බිමේ සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට ඊයේ අලුයම එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි යුරෝපා සංගමය මේ බව පවසන්නේ.

ඒ අනුව සාමකාමීව රැස්වීමට සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට සිවිල් වැසියන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඔවුන් මෙරට රජයට අවධාරණය කර ඇත.

රටේ ආර්ථිකය නිසි මගට ගෙන ඒම සඳහා තිරසර වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් එහිදී මානව හිමිකම්,නීතියේ ආධිපත්‍යය,යහපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කරන ලෙසත් ඔවුන් දන්වා සිටියි.

ගතවූ වසර කිහිපයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ බිලියන 01 ක ආධාර සපයා ඇති අතර 2017 වසරේදී යළි බලාත්මක කල GSP ප්ලස් බදු සහනය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රබල පිටිවහලක් හිමිවූ බවද යුරෝපා සංගමය පෙන්වා දෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan