ඊයේ අත්සන් කළ ධාන්‍ය අපනයන ගිවිසුම රුසියාව අද කඩ කරයි.

Date:

ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම තුර්කි ජනාධිපති එර්ඩොකාන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේනයේ පාර්ශවය භාරව කටයුතු කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සහ ගනුදෙනුවේ රුසියානු පාර්ශවය භාරව සිටින එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දිනයේදී (22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගිවිසුම හඳුන්වා තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයක් වශයෙනි.

මෙහිදී යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කළු මුහුදේ වරායන්හි අවම වශයෙන් ධාන්‍ය ටොන් මිලියන 22ක් පමණ සිරවී ඇති හෙයින් ඒවා සුරක්ෂිතව අපනයනය කිරීම මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අතර එය ලෝකයටම සුභාරංචියක් විය.

නමුත් අද වන විට තත්වය වෙනස් ය.
අද උදෑසන වන විට ධාන්‍ය අපනයනය කිරීමට නැව්ගත කරන වරාය නගරය ආශ්‍රිතව පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ. ගිවිසුම කඩකරමින් මොස්කවුහි ගුවන් ප්‍රහාර නැවත යුක්රේනයට එල්ල වෙමින් ඇත. මේත් සමඟ නැවත වරක් ලෝකයේම විවේචන රුසියාවට එල්ල වෙමින් ඇත.

පසුගිය දා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වාර්තාවේ 2022 සංස්කරණයට අනුව පසුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ. මෙම සංඛ්‍යාව යුක්රේන යුද්ධය හේතුවෙන් මෙම වසර දෙගුණ තෙගුණ වවනු ඇති බව ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපහසු තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව පහසු තරගය අපහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට...

ගෝලීය උණුසුම 3C ඉක්මවා ගියහොත් සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ 444% කින් ඉහළ යනු ඇති බව ජාතික දේශගුණික අවදානම් තක්සේරුව වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව මුහුණ...

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි!

කොළඹ LNW: කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව කාල්ටන් නිවසට...

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...