ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක්

0
190

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව, ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක නව බද්දක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීම සඳහා මෙසේ නව බද්දක් පනවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

RN