ආණ්ඩුවේ තවත් තුරුම්පුවක් වරදී : ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා “ප්‍රජා උපදේශන කමිටු” පිහිටුවීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පැෆ්රල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම් විභාගය නොවැම්බර් 05 වනදා පැවැත්වීමට ද විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියම කරන ලදී.

විවිධ සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් රජයේ මුදල් සහ සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීමක් මෙම ව්‍යාපෘති හරහා සිදු කෙරන බවත් එම ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා ප්‍රජා උපදේශන කමිටු පිහිටුවා ඊට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මැතිවරණයක් ආසන්නයේදී රජයේ සම්පත් පොදු ජනතාව වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීමක් මේ හරහා සිදුවන බැවින් මෙය අත්හිටුවන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...