ලෝකයට විරුද්ධ වෙලා හරි තමන් අකමැතිනම් දුවන්න දෙන්නෙ නැති තත්ත්වයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 24, (LNW) කොළඹ :

ලංකාවෙ ක්‍රීඩාවෙ අවුල තියෙන්නෙ කොණ්ඩවල,රුවුල්වල හෝ ඒවයෙ උලාපු පාටවලවත්,එහෙම නැත්නම් කණේ දාන කරාබුවෙ තෝඩුවෙවත් නෙමෙයි.ඒ පුටුවල ඉන්න අයගෙ කැමත්ත න්‍යාය කර පිළිගන්න මිනිස්සු හැර වෙන අදහසක් දරන අයත් ඒ සමූහයන් තුළ නැහැ.ඒ න්‍යායන්ට අභියෝග ආවම කරන්නෙ ඒක ඇත්තක් වෙන එක හංගන එක.


ආසියානු 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය බලද්දි අපිට අදහසක් ආවා මීටර් 400 ට ජාත්‍ය කිරුළු තනි ඉසව්වක් විදිහට සහභාගි නොවුණෙ ඇයි කියලා.ජාත්‍ය ඊට පස්සෙ ලෝක සූරතාවලියෙ පරිසාධනය ඉක්මවා ගියා.ඒ වගෙම මීටර් 100 ට මෙරෝන් එක්ක දිනෙත් වීරරත්නත් දිව්වනම් කියලා අදහසක් ඉදිරිපත් වුණා.
කෙහොම හරි ජාතික කණිෂ්ඨ සූරතාවලිය නිමා වෙනකොට ජාත්‍ය මෙන්ම දිනෙත් ද ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරා.දැන් ජාත්‍යයට අර්බූදයක් නැහැ.ඒත් දිනෙත්ට අර්බූදයක් තියෙනවා.දිනෙත් නොතෝරා මෙරෝන් පමණක් තේරූ නිසා බැරි වෙලාවත් දිනෙත් මෙරෝන්ව ඉක්මවා ගියහොත් කියන කාරණය මත තනි ඉසව්වට සුදුසුකම් ලැබුවත් දිනෙත්ට අවස්ථා ලැබීම වළක්වමින් තිබෙනවා.ඒ මීට පෙර මීටර් 100 ට දිනෙත්ව නොතේරීම නිසා මෙරොන්ව අභිබවා ගියොත් කියන කාරණයක් පදනම් කර ගෙනයි.


කෙසේ වුවත් මේ ක්‍රීඩකයින් දෙදෙනාම රටට වටිනා සම්පත්.එවැනි තත්ත්වයක ඒ දෙනොටම අත්දැකීම් ලබා දෙමින් තරගකාරීව ඉදිරියට යාමට පාර සකස් කිරීම වෙනුවට ඔවුන් අතරත් හිත් නොහොදකම් ඇතිවන ආකාරයට තීරණ ගැනීම ලංකාවේ මලල ක්‍රීඩාවේ වැඩිහිටියන් විසින් ගනු ලබන රටට නුසුදුසු තීරණ හැටියට ගත හැකියි.මේ ආකාරයටම කාලයක්ම මීටර් 100 කාන්තා ඉසව්වේ සහය දිවීමට ඇතැම් ක්‍රීඩිකාවන් සහභාගි නොවූ හැටි අප දැක තිබෙනවා.නැවතත් වැඩිහිටි පිරිස් මේ තත්ත්වයම මලල ක්‍රීඩා පිටියේ ඇති කරන්නට හදන අවස්ථාවක් හැටිවට මේ තත්ත්වය හඳුන්වන්න පුළුවන්.


“නවයයි ගණන් දුවන අය ඉන්නවනෙ.”
මේ ඉසව්වට සහභාගි වෙන එක පලක් නැහැ කියමින් මලල ක්‍රීඩා සංගමයෙ අය කියන්නෙ ඒ විදිහට.හැබැයි ඒ නවයයි ගණන් දුවන අය එක්ක දුවන්න ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් දීලා තියෙන සුදුසුකම් මේ සමඟ තියෙනවා.ඒව වෙනස් වෙන්න පුළුවන් ක්‍රීඩාව සංස්කෘතික ගතවෙච්චි සමාජයත නෙමෙයි අපි ඉන්නෙ.ඒක තමයි ඇත්ත තත්ත්වය.ලංකාවෙ ක්‍රීඩකයන්ට තමන්ට වඩා ඉහළ පරිසරයක දක්ෂයන් හඹා ගොස් තමයි සිය දක්ෂතා වර්ධණය කර ගන්න පුළුවන්.ඒ අවස්ථාවෙත් ලෝක මට්ටමෙන් හදපු පරිසාධනය ඉක්මවා ගියහම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමන්ගෙ දක්ෂතාවය ඉස්සරහට ගන්න ලැබෙන අවස්ථාව වසා දමන එක අසාධාරණයි නේද?


මේ සංචාරවලට අවශ්‍යය සුදුසුකම් සපුරා තිබියදී එම ක්‍රීඩකයින්ට ඉසව්වෙන් අවස්ථාවක් ලබා නොගෙන සහය දිවීම පමණක් විතරක් කරන්න කියලා මේ ක්‍රීඩකයින්ව හංගන එකේ අරමුණ මොකද්ද? කාලෙකට පස්සෙ ලැබෙන සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැමොටම ඉඩ හදාදීල මලල ක්‍රීඩාව දියුණු කරන්න හිතන්නෙ නැතුව දක්ෂයින් හංගන්න හදන එකේ උවමනාව මොකද්ද?


මීටර් 100 වගේම මීටර් 200 ට සුදුසුකම් ලබා තිබෙන ක්‍රීඩකයින් දෙදෙනාටම මේ නිසා අවස්ථාවන් අහිමි වෙන්න පුළුවන්.මේ තරග පැවත්වෙන්නෙ එම ඉසව්වලට බලපෑමක් ඇති විය හැකි අන්දමේ සමීප කාල පරාසයක නෙමෙයි.කාලයෙන් බාධාවක් වේ යැයි සිතන්නත් අපහසුයි.ඉතිං එවැනි තත්ත්වයක කුමන හෝ තීරණයක නිවැරදිභාවයට වෙන්න පුළුවන් අභියෝගය වළක්වාගන්න යොවුන් තරගකරුවන් තිදෙනෙක්ට ලෝකය ඉදිරියේ තමන්ගේ හයිය උරගා බලන්න ලැබෙන අවස්ථාවට මේ ආකාරයට අවුල් ඇති කිරීම සදාචාරසම්පන්න නැතුවා වගේම ආචාරසම්පන්නත් නැති බවයි අපේ අදහස.


ආරංචි හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා පවා මේ සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින්ට අවස්ථාවක් දිය යුතු බවට නිගමනයකට පැමිණ තිබුණත්,එය ද ඉක්මවා තමන්ගේ සවි කරගත් රැස්වළලුවල කීර්තිය වෙනුවෙන් ක්‍රීඩකයින් සඟවා තැබීම කණගාටුදායකයි.

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද ?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන...

අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රශ්නය සහ නැවත මේවා නොවන්නට යෝජනා ….

බන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් ඉන්නවා. 01.රිමාන්ඩ් සිරකරුවන් හෙවත් රක්ෂිත භාරයට පත්...

ට්‍රම්ප් ජාතික ආරක්ෂක භටයන් 4,000ක් හා මැරීන් භටයන් 700ක් ලොස්ඇන්ජලීස් විරෝධතා වෙත යොදවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

කන්ටේනර් 323ක් පරීක්ෂාවෙන් තොරව නිදහස් කිරීමේ සිද්ධිය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු...