ගෙඩි බිස්නස් . එහෙම නැත්නම් පොත්පත් වල ප්‍රශ්න තියන හෝ අනතුරුදායක ලෙස repair කරලා විකුණන වාහන…
මේක සැහෙන ලොකු subject එකක්. දන්න විදිහට දන්න ටික කියන්නම් කෙනෙක් අමාරුවේ නොවැටෙන්න. මිට අමතරව දන්න දේවල් ඕනේ නම් කමෙන්ට් එකක් විදිහට දාන්න.
පොත්පත් හෝ වෙනත් ප්‍රශ්න තියන වාහන විදිහට ගන්න පුළුවන් category ගොඩක් තියනවා.
- ලොකු accident එකක් වෙලා insurance හරහා condemn වෙන වාහන condemn වෙන්න නොදී අරගෙන වාහනේ structure එකේ ඉදලා කැළි කපාලා අමුනලා ආපහු හදලා විකුණන වාහන.
ගොඩක් වෙලාවට මේතැනදී වෙන්නේ insured value එක අඩු උනාම comdemn වෙන එක පාඩු නිසා claim කරන්න පුළුවන් තරම් සල්ලි අරණ වාහනේ හදලා විකුනලා දාන එක. මේවට නම් insurance mafia එක වගකියන්න ඕනේ. මේවගේ වාහනයක් හොයන්න පුළුවන් හොදම විදිහ තමා වාහනේ ගන්න කලින් අයිතිකාරයාගේ consent එක අරන් insurance history බලන එක. වාහන inspection කරන specialist ලා ( car checks වගේ ) හරහා වාහනේ condition එක බලන එක. කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මේවගේ වාහන වල අවුල් අදාළ manufacturer company inspection වලදී අහුවෙන්නේ කලාතුරකින්. මේ වාහන වල ලියකියවිලි වල ප්‍රශ්න නැ ගොඩක් වෙලාවට
- මොනවා හරි නීති විරෝදී වැඩකට පාවිච්චි කරපු වාහන.
ගොඩක් වෙලාවට මේවා තියෙන්නේ open papers විදිහට. ඒ නිසා open papers වාහන නොගෙන ඉන්න එක තමා හොදම. sale එකක් හරහා ගන්නවා නම් අයිතිකාරයාව trace කරන්න contact කරන්න පුලුවන්ද බලන්න. සේල් එකක් කියන්නේ business එකක් නිසා අයිතිකාරයගෙන් විකුනපු ගාන වගේ කතා අහන්නේ නැතුව වාහනේ දුන්නේ මේ අදාළ කෙනාටද කියලා විතරක් අහන්න අයිතිකාරය ගැන සැකයක් තියනවා නම් ගන්න එපා…
- හොර පොත් හෝ හොරට හදපු duplicate පොත් තියන වාහන.
original CR එක නැති වීම නිසා නිත්‍යානුකුලව duplicate CR එකක් ගන්න එකේ කිසි වරදක් නැ. හැබැයි එහෙම වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් RMV එක හරහා duplicate පොතක්ද තියෙන්නේ බලල පොතේ ඉන්න නිත්‍යානුකුල අයිතිකාරයා කවුද කියන එක බලන්න. එයා විකුනනවා නම් විතරක් ගන්න.
duplicate පොතක් හදලා පස්සේ හංගපු original පොත අමුනලා විකුනන්න යන case කලාතුරකින් තියනවා ( ගොඩ පොලි, උගස් එහෙම තියපුව ) එකත් හොයන්න ලේසිම විදිහ තමා RMV එක හරහා පොතේ detialis බලන එක.
වාහනේ chasis no එක හා නොම්බරේ තියනවා නම් පොඩි මුදලක් ගෙවල online ම පොතේ විස්තර බලන්න පුළුවන්. duplicate එකක් දීල නම් මතැනදී එක පේනවා. මොන වාහනේ ගත්තත් මේක කරලා බලන එක වටිනවා
- චැසි නොම්බර කොටන එක / වෙන චැසි එකක නොම්බර කෑල්ල විතරක් අරන් පස්සලා හදන ඒවා වගේ chasis එකේ ප්‍රශ්න තියන වහන
මේවා වැඩිපුරම වෙන්නේ body on frame එහෙම නැත්නම් චැසිය හා බොඩිය වෙනම තියන වාහන වල. උදාහරණ විදිහට ජීප් කැබ් වගේ ඒවා. මේවා හොයන්න නම් ආපහු වාහන ගැන දන්නා කෙනෙක් හරහා නොම්බර සහ details බලන්න වෙනවා. මොකද මේවගේ ප්‍රශ්නේ තියෙන්නේ ලියකියවිලි වල නෙවේ. වාහනේ නිසා.
chasis නොම්බරේ මැකිලා හෝ damage වෙලා නම් එක නිත්‍යානුකුලව රජයේ කම්මලකින් කොටන්න පුළුවන්. එක පොතේ සදහන් වෙනවා
- එකම වර්ගේ වාහන model වෙනස් කරලා හදන ඒවා.
උදාහරණ විදිහට –
A. short wheel model එකේ පොතක් අරණ longwheel වාහන දුවන ඒවා. ( ජීප් )
B.පරණ model එකක පොතක් අරන් අලුත් model දුවන ඒවා ( box prado , nissan patrol y 60 , ඩිෆෙන්ඩර් )
C. වෙනස් බොඩි style තියලා දුවන ඒවා
- දොරවල් 3 පොතට දොරවල් 5 දුවන ඒවා
- පොලිස් / NGO auction වෙච්ච landcruiser 3 door troops carrier ඒවාට දොර පහ box prado බොඩි ගහපුවා
- landrover double cab ගෙනත් පස්සේ full body තියපුව )
– Freezer විදිහට ගෙනත් බොඩි වෙනස් කරලා දුවන ලොරි
– Single cab double cab කරපුවා
මේවගේ එකක් හොයන්න ලේසිම විදිහ තමා පොතේ තියන chasis code එක අරන් එක ගැන පොඩ්ඩක් online බලන එක. එහෙම බැලුවම ඒ chasis එකට අදාළ model එක හොයාගන්න පුළුවන්. ඒ වගේම පොතේ තියන ආසන ගාන, බඳේ වර්ගය දොරවල් ගාන වගේ දේවල් එක්ක වාහනේ ගැලපෙනවද බලන්න පුළුවන්.
- විශේෂ condition උඩ ගෙනාපු වාහන
ගොඩක් වෙලාවට රජයේ හෝ NGO පාවිච්චියට ගෙනාපු වාහන විශේෂ වාහන විදිහට register වෙලා පස්සේ auction වෙනවා. ඒවා ගන්න අය ඒ වාහන සාමාන්‍ය model විදිහට වෙනස් කරලා විකුනනවා. හැබැයි පොතේ තාමත් අර special conditions තියනවා. උදා – landcruiser තියනවා ambulance විදිහට ආපු
ඒ වගේම විශේෂ condition උඩ වාහන වෙනස් කරන්නත් අවසර දෙන වෙලාවල් තියනවා. auction කරපු වාහන වලට බොඩි ගෙන්න දෙන permit වගේ දේවල් ) මේ conditions ඔක්කොම හරි විදිහට කරලා නම් පොතේ සදහන් වෙනවා. ඕනේ නම් ඒ ගැන විස්තර RMV ( හරි නම DMT ) එකෙන් විමසලා දැනගන්න පුළුවන්.
- Engine වෙනස් කරපුව.
සාධාරණ හේතු නිසා වාහනේ engine එක මාරු කරන්න වෙනවා. තිබ්බ වර්ගෙම ඒ capacity එකේම engine එකක් තියලා නම් ප්‍රශ්නයක් නැ ( හරිම විදිහ නම් එක පොතේ update කරන්න ඕනේ ) . තිබ්බට වඩා ධාරිතාව වැඩි කරලා නම් හෝ ඉන්දන වර්ගේ වෙනස් කරලා නම් පොතේ ඒ විස්තර හරියට දාලද කියලා බලන්න.
- සම්පුර්ණයෙන් ජිල්මාට් කරපු ගෙඩි
මේක තමා භයානකම category එක. මේවා සම්පුර්ණයෙන් පොත් වල ඉදලා මාරු කරපු වාහන . ගොඩක් වෙලාවට මේවට ගන්නේ G H J නොම්බර මොකද මේ නොම්බර ඕනෙම වාහන වර්ගේකට පොදුවේ දුන්න නිසා සෙල්ලම් දාන ලේසියි අහුවෙන්නේ නැතුව. හැබැයි වෙන වාහන නොම්බරත් මේවට ගන්නවා. මේක විවිධ අකාරයෙන් වෙනවා නමුත් මේක කරපු වාහන හොයන්න හෙනම අමාරුයි. මොකද පොතේ ඉදලා ඔක්කොම detail update වෙලා තියෙන්නේ. import කරපු තැන වෙනකන් විශේෂ විමර්ශනයක් කරලා හෙව්වොත් ඇරෙන්න හොයන්න බෑ . සරලව කියනවා නම් සම්පුර්ණ වාහනයක්ම නීති විරෝදිව ගෙනල්ල ඒ වාහනේ chasis නොම්බරේ ඉදලා වෙන පරණ වහනෙක registration නොම්බරයකට වෙනස් කරලා හදපුව. මේවා සාමාන්යෙන් කරන්නේ high value වාහන වලට. බිල්ලට ගන්නේ ඒ brand එකේම අදාළ නිෂ්පාදන කාලෙම පොඩි කාර් එකක් වගේ එකක්.
මේ තියන දේවල් වලින් ටිකක් විතරයි.. ඒ නිසා වාහනයක් ගන්නවා නම් තමන්ගේ ආරක්ෂාවට මේ ටික කරන්න.
- https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home හරහා වාහනේ විස්තර දීලා full report එකක් ගන්න. එක සහා විකුණන කෙනාගේ ගාව තියන copy එක සන්සන්ධනය කරලා බලන්න.
https://services.customs.gov.lk/vehicles 2000 න් පස්සේ ගෙනාපු වාහනයක් නම් මේක හරහා customs විස්තර බලන්න පුළුවන් chasis නොම්බරේ දාලා
- open papers වාහන ගන්න එපා. ගන්නම ඕනේ නම් වර්තමාන ලියාපදිංචි අයිතිකාරයා හොයන්න පුළුවන් එකක් විතරක් ගන්න.
- වාහනේ පොතේ details එක්ක වහනේ model එක chasis නොම්බර වගේ දේවල් ගැලපෙනවද බලන්න. පොතේ details ගැලපුනත් chasis no එක online check කරලා එකට අදාළ නියම model එක මොකක්ද බලන්න. ( සමහර පොත් තියනවා හොර පාරෙන් update කරවපුව )
- චාහනේ හොද තැනකට දාල හරි inspection එකක් කරවන්න accident repairs වගේ දේවල් ගැන.
- මොනවා හරි සැකයක් තියනවා නම් නොගෙන ඉන්න. වාහන ගනුදෙනුවක් කියන්නේ විශ්වාසය මත කරන දෙයක්.
~ අකිල දර්ශන පණ්ඩිත (Facebook)
