සුන්දර මීමුරේ ට සතුටු දවසක්!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :

2021 වසරේදී ප්‍රසම්පාදන කටයුතු සිදුකර, මීමුරේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ලබාගත් බස් රථ දෙකෙන් එක් බස් රථයක් පමණක් ඒ සඳහා යොදවා ඇති අතර අනෙක් බස් රථය මේ දක්වා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ සුබසාධන කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබූ බව වාර්තා විය.

නමුත්, ඊයේ (23) ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් , මීමුරේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීමේ මූලික අරමුණෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ බස් රථයක් මීමුරය ප්‍රදේශයට ලබාදීම සිදු විය.


එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,


“සුළු පිරිසක් පසුගිය කාලේ ලොකු උද්ඝෝෂණයක් කළා මේ බස් එක මීමුරේට දෙන්න බැහැ කියලා. නමුත් අද වනවිට ඒ සියලු බලපෑම්, බලවේග යටපත් වෙලා තිබෙනවා. මී මුරේ කියන්නේ රක්ෂිතයක් මැදින් ගමන්කළ යුතු ගම්මානයක්. සාමාන්‍ය ධාවනයේ යොදවන සියලුම බස් රථ එම පටු මාවත් වල ගමන් කරන්න අපහසුයි. ඒ නිසා තමයි ඒ වෙනුවෙන් වෙනම බස් රථ දෙකක් ගෙනත් තිබෙන්නේ. ඒ බස් රථ දෙකෙන් එකක් පමණක් මීමුරේට දීලා. අනෙක මේ දක්වාම කොළඹ රඳවගෙන තිබුණා. තනි බස් රථයක් සේවයේ යෙදවීමෙන් නිතර නිතර එම බසය කාර්මික දේෂයන්ට ලක්වෙනවා. ඒ තුළින් මීමුරේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වලට විශාල බාධාවක් වෙලා තිබෙනවා. ජාතික ආර්ථිකයේ පංගුකාරයන් වෙන්න රටේ හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වය සෑම ප්‍රදේශයකින්ම සමාන කරන්න බැරි වුණත්, යම් මට්ටමක හෝ දායකත්වයක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලබාගන්න නම්, මහාමාර්ග හා ප්‍ර වාහනය තිබිය යුතුමයි. ඒ සඳහා ගමේ ජනතාව ගමෙන් එළියට ගන්නම ඕන. එහෙම නැතිව අපි බලාපොරොත්තුවෙන සංවර්ධනය රටට, ජනතාවට ළඟාකරගන්න බැහැ. මීමුරේ පමණක් නොවෙයි, ලංකාවේ පවතින තවත් මෙවැනි දුෂ්කර ප්‍රදේශයන් කෙරෙහි ද ප්‍රවාහනය වෙනුවෙන් අපේ විශේෂ අවධානයක් යොමුකළ යුතුයි” යැයි පැවසීය.

සුන්දර මීමුරේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...