නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW:

අද (24) දින ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.‍

ඒ අනුව, එරිත්‍රියා රාජ්‍යයේ තානාපති ලෙස අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) මහතාද, ෆිජි ජනරජයේ මහ කොමසාරිස් ලෙස ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) මහතාද, උස්බෙකිස්තාන ජනරජයේ තානාපති ලෙස අලිෂෙර් ටුක්ටායෙව් (Mr.Alisher Tukhtaev) මහතාද, ජෝර්දාන රාජධානියේ තානාපති ලෙස යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) මහතාද, කසකස්තාන ජනරජයේ තානාපති ලෙස සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද, භූතාන රාජධානියේ තානාපති ලෙස ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) මහත්මියද අද දිනයේ මෙලෙස සිය අක්තපත්‍ර භාර දුන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...