පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා රිමාන්ඩ්

Date:

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් අද (24) පෙරවරුවේ අධිකරණයට භාරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම ජීප් රථය ධාවනය කරමින් සිටියදී සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පසුගිය 19 වනදා පෙරවරුවේ මතුගම නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම රථය මිලදී ගත්තේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් බවයි.

ඒ අනුව එදිනම පස්වරුවේ රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන මෙලනි අබේගුණවර්ධන සහ ඇගේ සැමියා වන ධනුෂ්ක වීරක්කොඩි අත් අඩංගුවට ගැනීමට පොලීසිය ඔවුන්ගේ නිවසට ගියමුත් ඔවුන් නිවසේ නොසිටි අතර පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පසුගිය දින කිහිපයේදීම ලැබී තිබුණේ නැත.

ධනුෂ්ක වීරක්කොඩි අද පෙරවරුවේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබුණේ එවන් තත්වයක් තුළ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. කැනඩාවේ...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...