පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා රිමාන්ඩ්

Date:

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් අද (24) පෙරවරුවේ අධිකරණයට භාරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම ජීප් රථය ධාවනය කරමින් සිටියදී සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පසුගිය 19 වනදා පෙරවරුවේ මතුගම නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම රථය මිලදී ගත්තේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් බවයි.

ඒ අනුව එදිනම පස්වරුවේ රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන මෙලනි අබේගුණවර්ධන සහ ඇගේ සැමියා වන ධනුෂ්ක වීරක්කොඩි අත් අඩංගුවට ගැනීමට පොලීසිය ඔවුන්ගේ නිවසට ගියමුත් ඔවුන් නිවසේ නොසිටි අතර පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පසුගිය දින කිහිපයේදීම ලැබී තිබුණේ නැත.

ධනුෂ්ක වීරක්කොඩි අද පෙරවරුවේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබුණේ එවන් තත්වයක් තුළ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළැඹෙන 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම නොවැ. 07 දා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW : එළැඹෙන 2026 වර්ෂයට...

“රුසිරු විය හද බිම්- පිරෙනු නැත- ඔබේ හිස්තැන- මාලිනී“

සටහන - බන්දුල නානායක්කාරවසම් සැප්තැම්බර් 12, කොළඹ (LNW): මාලිනී අක්ක ට...

රු,10,000ක් නිසා කොස්තාපල් කරගත්ත හරිය!

කොළඹ LNW: රු.10,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක්...