ජනපති රනිල්ට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මාස තුනක් ඉඩ ලබාදිය යුතුයි – රතන හිමි

0
865

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තව මාස තුනක් ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“දැන් තවමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන යම්කිසි පිරිසක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපි ඒකට ඉඩදෙන්න ඕනෙ. ලංකාවේ පෘතුගීසි, ඉංග්‍රීසි යුගවල ඉඳලා ආපු ඒ ප්‍රභූ දේශපාලනයේ අවසන් පුරුක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නෙ. අපේ කිසිම විශ්වාසයක් නෑ එතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ය කියලා. ඒ වුණත් අපි එතුමාට තව මාස තුනක් ඉඩ ලබාදෙන්න ඕනෙ එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN