බාල ඖෂධ ගැන ජනතාවට සත්‍ය සඟවන නිලධාරීන් නීතිය හමුවට ගෙන එනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ වන විට රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන බවත් පක්ෂ පාට ආගම් ජාති භේද අමතක කොට මෙය හරිද වැරදිද කියා තීරණය කිරීම සිදු කල යුතු බවත් ගිලන් වී රෝහලට ගිය පසු ජාති ආගම්භේද නොසලකා මේ ඖෂධ මාෆියාවට හසුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අනාවරණය කරන සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්⁣ට චක්‍ර ලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙරට තුළ ඇත්තේ තොරතුරු සැගවීමේ නීතිය නොව තොරතුරු දැන ගැනීමේ නීතිය බවත් මෙසේ තොරතුරු සැගවීම කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සෞභාග්‍යයක් කරා යනවා කියපු අපේ රට අද අභාග්‍යයේ පතුලටම වැටී අවසන් බවත් මෙවන් තත්ත්වයක් තුළ රටේ අනාගත පාලනයක් සිදු විය යුත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දසරාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් තමා එයා දැඩි ලෙස විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාදූවේ උපනන්ද හිමියන්ට අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...