ජනාධිපතිවරණයේ දින වකවානු මේ සතිය අවසන් වීමට පෙර – මැ. කො. ස.

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින අතර ජනාධිපතිවරණ ගැසට් නිවේදනය පළකිරීමෙන් අනතුරුව අනෙකුත් කටයුතු වේගවත්ව සිදුකරගෙන යාමට අදහස් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

“ඡන්දය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට මැතිවරණ මහලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අපේ මැතිවරණ කාර්යාලවල දැනටත් ආරම්භ කරලා ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඡන්ද මධ්‍යස්ථාන ග්‍රාම නිලධාරීන් මගින් විස්තර ලබාගන්නවා. ඒ වගේම ඒවා පරීක්ෂා කරගෙන යනවා විශේෂ ගැටලු තියෙන ඒවා. ඡන්ද පෙට්ටි සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙනුත් අවශ්‍ය කටයුතු මේ වනවිට කරගෙන යනවා. මැතිවරණ කාර්යය සඳහා සම්බන්ධ වෙන සෙසු ආයතන සමගත් අපි සාකච්ඡා පවත්වලා තියෙන්නෙ. ඒ අනුව අපි ගැසට් නිවේදනය පළකිරීමෙන් පසුව අනෙකුත් කටයුතු වේගවත්ව කරගෙන යන්න අදහස් කරනවා”

ප්‍රශ්නය – පාර්ලිමේන්තුව මේ අතරවාරයේ විසුරුවා හැරියොත් මොනවගේ සූදානමක්ද තියෙන්නෙ ඔබතුමාලාට ?

“මේ සතිය අවසාන වීමට ප්‍රථම අපි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දින වකවානු දැනුම් දෙනවා. ඔබ සඳහන් කළ ආකාරයේ අහඹු සිදුවීමක් සිදුවුණොත් ඒ සම්බන්ධයෙනුත් අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරන්න කොමිසමට හැකියාව තියෙනවා”

ප්‍රශ්නය – මැතිවරණ දෙකක් එකසැරේ තැබීමේ හැකියාව තියෙනවාද ?

“තියෙනවා. එකම දින‍යේ නෙවෙයි, ඒ සඳහා සුදුසු දින යොදාගෙන ඒ කටයුත්ත කිරීමේ හැකියාව තිබෙනවා”

ප්‍රශ්නය – මේ වනවිට පොලිස්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබාදීලා තියෙනවා ?

“වැඩබලන පොලිස්පතිවරයෙක් ඉදිරියේදී පත්කරයි. ඒ අනුව පත්කරන පොලිස්පතිවරයා සමග අදාළ කටයුත්ත කරගෙන යනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...