කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්දන පිරවුම් හලආසන්නයේ දී බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන බව වාර්තා වේ.

මෙම අනතුරින් කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථයතුල සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා ඉන් බේරාගැනීමට අසල සිටි පිරිස් වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව පොලිසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු දොඹගහවෙල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...