හරීන්ගෙන් අනුරට ලැබුණු දේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස ඉකුත් දිනෙක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී ඇත.

මේ බව දන්වා තිබෙන්නේ අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් වන අතර, එම ලිපිය සමඟ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සියලු විදෙස් ගමන්වල තොරතුරු ද ඉදිරිපත් කර ඇත.

පදනම් විරහිතව, අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දක්වා තිබෙන අතර, එමෙන්ම එම සිදුකරන ලද ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහතා විසින් ම නිවැරදි කළ යුතු බව එම ලිපියේ තරයේ අවධාරණය කර ඇත.

සංචාරක කර්මාන්තය තබා, සංචාරකයෙකුවත් සොයාගත නොහැකි වකවානුවක් තුළ සංචාරක අමාත්‍යංශය බාර ගැනීම සහ අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇති ආකාරය කොතෙක් ද යන්න කුහක වත ඉවත දමා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බව මෙම ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙන අතර, එමෙන් ම සංචාරක කර්මාන්තයේ ඉතිහාසගත් වාර්තාවක් තැබීමට මෙම දෙවසර තුළ හැකි වූ බවත්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට මෙන් ම ලොව වේගයෙන් ම දියුණුවන සංචාරක කර්මාන්තය ඇති රටක් ලෙස කීර්තියට පත්වීමට ද මෙම දෙවසර තුළ හැකි වූ බව මෙම ලිපියෙන් පෙන්වා දී ඇත..

තව ද ක්‍රීඩා අමාත්‍යංශය භාරගැනීම සිදු වූයේ මෙරටට එරෙහිව ක්‍රිකට් තහනමක් පැවති අවස්ථාවක වන අතර එම තහනම ඉවත් කරගැනීම සඳහා විදෙස් සංචාවල යෙදීමට සිදුවූ බව මෙහි පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...