දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !

Date:

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (ජුලි 25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ STF නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේදී STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇති බවත් ය.

සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...