චීන ජනපති සහ යුරෝපා සංගම් නායකයින් අතර හමුවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති António Luís Santos da Costa මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනී Ursula von der Leyen මහත්මිය හමු වුණා. ඒ ඊයේ (24) පෙරවරුවේ බෙයිජිං නගරයේ දී.

බෙයිජිං හි පැවැත්වීමට නියමිත 25වැනි චීන – යුරෝපා සමුළුවට එක් වීම සඳහා යුරෝපා සංගමයේ සභාපතිවරු දෙදෙනා චීනය‍ට පැමිණ සිටිනවා.
ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ චීනය හා යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගතවූ වසර 50 තුළ, සහයෝගිතා ශක්තිමත් වී ඇති බවත්, එය සමස්ත ලෝකයට ම වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවයි.

ජාත්‍යන්තර තත්ත්වය වඩා වඩාත් තීව්‍ර තත්ත්වයක පැවතිය ද, ස්ථාවර, යහපත් චීන-යුරෝපා සබඳතා මත දෙපාර්ශ්වය ලෝකය වෙත වඩාත් වැඩි ස්ථාවරත්වයක් එක් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

වේගවත්ව වෙනස් වන හා අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනයේ සහ යුරෝපයේ නායකයින් යළිත් දූරදර්ශීභාවයෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කරමින් ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලන නිවැරදි උපායමාර්ගික තේරීම් සිදු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර තිබෙනවා

António Luís Santos da Costa මහතා එහිදී කියා සිටියේ, යුරෝපා සංගමය සහ චීනය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙක බවයි. ඵලදායී සහ ස්ථාවර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් අනුගමනය කිරීමෙන් පොදු ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දෙමින් ගෝලීය සාමයට සේවය කිරීමට චීනය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට එදත් අදත් හිටියේ ටිල්වින් අයියා විතරයි ….!

ජනතා විමුක්ති පෙරමුණට කාලයක් තිස්සේ ආධාර කරන, පක්ෂයේ ඉහළ...

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...