සටහන: සශිකලා මධුෂාණි
ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක් තිස්සේ දූෂණයට ලක් වී ඝාතනය කරන ලද සිය ගණනක් කාන්තාවන්ගේ සිරුරු කර්ණාටක ප්‍රාන්තයේ ජනප්‍රිය වන්දනා නගරයක් වන ධර්මස්ථාන හි තැන්පත් කර ඇති බවට එහි වසර 20ක් තිස්සේ සේවය කරන ලද පාරක්ෂක සේවකයකු අධිකරණය වෙත ඉදිරිපත් වී ස්වේච්චාවෙන්ම පාපොච්චාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බටහිර ඝාට්ස් හි දර්ශනීය පහළ බෑවුම්වල පිහිටා ඇති වසර 800 ක් පැරණි වන්දනා ගම්මානයක් වන ධර්මස්තාලය, දිනපතා බැතිමතුන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන කර්ණාටක ප්‍රාන්තයේ දක්ෂිණ කන්නඩ දිස්ත්‍රික්කයේ බෙල්තන්ගඩි ප්‍රදේශයේ නේත්‍රාවතී ගං ඉවුරේ පිහිටා ඇති අතිශය ජනප්‍රිය හින්දු කෝවිලකි.

නම හෙළිදරවු නොකරන මෙම පැමිණිලිකරු ඉන්දියාවේ සංකීර්ණ කුල ධූරාවලියේ අඩුම වරප්‍රසාද ලත් සහ බොහෝ විට පීඩාවට පත් වූ කණ්ඩායම වන දලිත් ප්‍රජාවට අයත් වේ. ඔහු සිය රැකියාව ආරම්භයේදීම ගඟ අසල මළ සිරුරු දිස්වූ බවට සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර බොහෝ කාන්තා මළ සිරුරු ඇඳුම් හෝ යට ඇඳුම් නොමැතිව හමු වී ඇත. සමහර මළ සිරුරු ලිංගික අතවර සහ ප්‍රචණ්ඩත්වයේ පැහැදිලි සලකුණු පෙන්නුම් කර තිබු අතර ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරන තුවාල හෝ ගෙල සිර කිරීමේ සලකුණු එම සිරුරුවල දක්නට ලැබී තිබේ. මේ සමබන්ධයෙන් කෝවිලේ බලධාරීන්ට මෙය වාර්තා කිරීම හේතුවෙන් එහි අධීක්ෂකවරුන් ඔහුට පහර දී සිය පවුලේ යද විනාශ කරන බවට තර්ජනය කිරීම හේතුවෙන් මෙම සිරුරු ඔහු විසින් බැහැරකර ඇත. සමහරක් සිරුරු උපදෙස් පරිදි, ඔහු ඩීසල් භාවිතා කර පුළුස්සා දමා ඇති අතර සංඛ්‍යාවෙන් සිය ගණනක් එහි වූ බව කියවේ.
ඉදිරියේදී කරන විමර්ශන කටයුතු වලට සම්බන්ධ වී මොළය සිතියම්ගත කිරීම සහ පොලිග්‍රැෆ් ඇතුළු ඕනෑම පරීක්ෂණයකට භාජනය වීමට තමා සූදානම් බවත්, සමූහ භූමදාන ස්ථාන හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් මෙම පුද්ගලයා පොලිසියට සහ අධිකරණයට පවසා ඇති අතර ඒ අනුව යමින් ඉදිරි දිනවලදී සමහර ස්ථාන ගොඩ ගැනීමට ඉඩ තිබේ.
මෙම විමර්ශනය වෙනුවෙන් ධර්මස්ථාන සමූහ භූමදාන විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) ජ්‍යෙෂ්ඨ නීතිඥයින් දෙදෙනෙකු සාධාරණ, ස්වාධීන පරීක්ෂණයක් සඳහා වන අභියාචනයට විධිමත් ලෙස සම්බන්ධ වී ඇති අතර මෙම පාපොච්චාරණය මේ වන විට ඉන්දීය මාධ්‍ය තුළ ලවුගින්නක් සේ ව්‍යාප්ත වෙමින් ඇත.