කලබල වෙන්න දෙයක් නෑ. අපි කියපු විදිහටම ඒක කරනවා!

Date:

කොළඹ LNW:විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබාගත යුතු නැති අතර ආණ්ඩුවේ පළමු ධූර කාලය තුළ එය සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (25) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ආණ්ඩුව කර තිබෙන ප්‍රතිපත්තිමය ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කර තිබෙන පැහැදිලි කිරීම අනුව එම කටයුත්ත සිදුවන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.

”ගරු කථානායකතුමනි,අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියල තියෙන විදිහට අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවෙන් අපි සැලසුම් කරගෙන යනවා. මෙතන රහස්‍යභාවයක් නෑ. විශේෂයෙන් අපි කියල තියෙනවා ජනතාවාදී,ජනතාවගෙන් අදහස් ගන්න,විශේෂඥවරුන්ගෙන් අදහස් ගන්න මේ ගරු පාර්ලිමේන්තුවටත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නෑ. අපි තාම අවුරුද්දක්වත් නෑ. තව අපිට අවුරුදු හතරක් තියෙනවා. කලබලවෙන්න කිසිදෙයක් නෑ. ඔබතුමා දන්නවා අපි මොනවගේ රටක්ද භාරගත්තේ කියල. ඒ නිසා පළමුවෙනි අවුරුද්ද තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිහිපයකට අපි ප්‍රමුඛතාවය දුන්නා. මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කොහොමද මේක කරන්නේ කියන එකත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම දුන්න පිළිතුර තුළ අපේ ධූර කාලය තුළ මේක අපි සිද්ධ කරනවා.” යනුවෙන් ඇය තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...