ජනාධිපති පොදු සමාවෙන් අනීතිකව නිදහස් වුණු අතුල තිලකරත්නට ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරන ලද ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.

කූඨ ලේඛනයක් සකස් කර බැංකුවකින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ඔහුට නියම වී තිබේ.

මේ අතර නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්.ඒ. ගාමිණී විමලානන්දට මුදලින් රුපියල් ලක්ෂ හතළිහක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කර ඇත. එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස දහයකින් සිර දඬුවම දීර්ඝ වෙයි.

මෙම විත්තිකරුව ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව නිදහස් කිරීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී වරයා මෙන්ම බන්ධනාගාර කොමසර්ස් ජනරාල්වරයාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔවුන් මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...