ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය සනිටුහන් කරමින් සිව් මහා දේවාලවල කප් සිටුවයි!

Date:

කොළඹ LNW:මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම අද පෙරවරුවේ සිදු කෙරිණි.

උදෑසන 06 පසුවී මිනිත්තු 05ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම සිදුවිය.

ඒ අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයෙන් කපා වැඩම කරන ලද කප ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි මුණ්ඩ දේවාලයේදී සිව් මහා දේවාල සඳහා බෙදා හැරීමෙන් අනතුරුවය.

ඇසළ පෙරහැර ආරම්භය නිමිත්තෙන් එම කප සිටුවීම සිදුවූ අතර සිව් මහා දේවාලයන්හී ප්‍රධාන දේවාලය වන විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාව සඳහා එහි බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ආරාධනයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගීවිය.

නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දේවාලයේ කප් සිටවූ අතර පත්තිනි දේවාලයේ කප් සිටුවීම සිදුවූයේ එහි බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහනුවර කතරගම දේවාලයේ කප් සිටුවීම කතරගම දේවාලයට ආවේණික චාරිත්‍ර මුල් කොට සිදුවූ අතර එය එහි බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...

කැලිෆෝනියාවටම තරුවක් වූ Diane Ladd අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තෙවතාවක් ඇකඩමි සම්මාන...

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...