අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. වෙනස ප්‍රඥාව කේන්ද්‍ර කරගෙන වුණා නම් හොඳයි – නාමල්

Date:

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රඥාව කේන්ද්‍ර කරගෙන සිදුකළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය පවතින්නේ රටේ අධ්‍යාපනයේ නොව එය නවීකරණය නොවීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ආණ්ඩුව සිතාගෙන සිටින වෙනස රටට අවශ්‍ය වෙනස නොවන බව ඔහු පවසයි.

”මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුයි. හැබැයි අධ්‍යාපන ක්‍රමයේ වෙනස ඉතිහාසය පාඩම අධ්‍යාපනයෙන් අයින් කරන එක නෙවෙයි. එහෙම නැත්නම් මේ අග්‍රාමාත්‍යවරිය හෝ ආණ්ඩුව හිතාගෙන ඉන්න, ජේවීපී එක හිතාගෙන ඉන්න සමබරතාවය නෙවෙයි. ප්‍රායෝගිකව ලෝකයේ රැකියා වෙළෙඳපොළට සරිලන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දිය යුතුමයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවාට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයකට යන්න ඕනේ. ප්‍රඥාව කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය වෙන්න ඕනේ. හැබැයි මේ ජේවීපී එක හිතන් ඉන්න අධ්‍යාපන ක්‍රමවේදය නෙවෙයි. ජේවීපී එක හිතාගෙන ඉන්නේ ඉතිහාසය විෂයන්වලට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ විභාග අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් හිතන් ඉන්න ක්‍රමය නෙවෙයි මේ රටට අවශ්‍ය වෙනස. ඒ ගැන ආණ්ඩුව අවබෝධය යොමුකළ යුතුයි. මේ අධ්‍යපන ක්‍රමය තුළ දක්ෂ නායකයින්, ව්‍යවසායකයින්,ව්‍යාපාරිකයින් වගේම විද්වතුන් බිහිවෙලා තියෙනවා. මේක නවීකරණය විය යුතුයි. රටේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නැහැ. නවීකරණය වෙලා නැති කාරණය තියෙන්නේ. නවීකරණය කරනවා කියන්නේ ඉතිහාසය අයින් කරනවා කියන එක නෙවෙයි.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...