පෞද්ගලික හොඳම දක්ෂතා සමඟින් රසාරා සහ නවෝන් අවසාන තරගයට

Date:

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW:

ජර්මණියේ පැවත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 5000 ඉසව්ව නියෝජනය කරන රසාරා විජේසූරිය සහ පිරිමි හෙල්ල වීසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන තාරුක නවෝන් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතා සමඟ එම ඉස්වවල අවසාන තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ගත්තා.


රසාරා සිය පෞද්ගලික හොදම කාලය ලෙස විනාඩි 16:00.30 ක් වූ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ එම ඉසව්ව වෙනුවෙන් වාර්තා කරන ලද දෙවන හොඳම කාලය ලෙස තමන් වාර්තා කළ කාලය රඳවා ගනිමින්.ඒ අනුව අවසාන තරගයට අද මුහුණ දෙන රාසාරා ට ශ්‍රී ලංකා වාර්තාව හැටියට තිබෙන ගයන්තිකා අබේරත්නගේ 15,55.84 කාලය ඉක්මවා යන්නට රසාරා සමත් වුවහොත් මේ තරගාවලියේදී ඇය ජාතික වාර්තා දෙකක හිමිකාරිය වනු ඇත.මීට පෙර මීටර් 10000 ඉසව්වේදී ද ජාතික වාර්තාව අත්පත් කර ගත්තාය.
එසේම පිරිමි හෙල්ල වීසි කිරීම නියෝජනය කළ තාරුක නවෝද් සුදුසුකම් ලැබීමේ තරගයේදී මීටර් 74.79 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන තැන ලබා ගැනීමට සමත් විය.ඔහු එම දස්කම අනුව අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අද එම තරගය පැවත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...