හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Date:

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඔක්තෝබර් 26 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබේ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

2006 වසරේ සිට 2015 කාලය දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අවධියේ අමාත්‍ය මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ සුබේරි නැමැත්තෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීම, 2022 වසරේදීද මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පසුගිය ජනවාරි 18 වැනිදාට කල්පිරිය යුතු ස්වෛරී බැඳුම්කර තුළින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 500ක පාඩුවක් සිදුකිරීම,මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය සමීප ඥාතීන් තනතුරු සඳහා පත්කර රහස්‍ය තොරතුරු පිටකිරීම හරහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු වලින් රු. බිලියන 10.04ක පාඩුවක් සිදුකිරීම යන චෝදනා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොණු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...