සෑම පිරවුම්හලකටම තෙල් එන්නේ නැහැ.තෙල් එන ඒවාට විතරක් යන්න – පිරවුම්හල් වෙතින් ඉල්ලීමක්

Date:

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් තිබෙන බව පැවසුවද බෙදා හැරීම සීමා කර ඇති හෙයින් සෑම ඉන්ධන පිරවුම්හලකටම පෙට්‍රල් සහ ඩීසල් නොලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.

මෙම තත්ත්වය මත දෛනිකව ඉන්ධන ලැබෙන පිරවුම් හල් මොනවාද යන්න පිළිබඳ අන්තර්ජාලය තුළ තොරතුරු යාවත්කාලීන වන හෙයින් එලෙස ඉන්ධන ලැබෙන පිරවුම්හල් වෙත පමණක් ගොස් අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙසයි ඔහු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

වාහන අංක අනුව සහ QR කේත ක්‍රමය ඔස්සේ පමණක් දැන් ඉන්ධන බෙදා හැරෙන නිසා අනවශ්‍ය ලෙස පෝලිම් වල රැඳී නොසිටින ලෙසද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වාහන අංක අනුව සහ QR කේත ක්‍රමය මඟින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක බව පෙනෙන්නට ඔහු කියා සිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...