ජනවරම අහෝසියි, අලුත් ජනවරමක් අවශ්‍යයි – හිටපු මැකො

Date:

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනතාව විසින් ලබාදුන් ජනවරම මේ වනවිට අහෝසි වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා අලුත් ජනවරමකට අවකාශ සැළසිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මැතිවරණ පවත්වන්නේ නම් ඒ සඳහා වියදම් දැරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකි බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා සඳහන් කරනවා.

කිසිදු දීමනාවක් ලබා නොගෙන මැතිවරණ රාජකාරිවල නිරතවීමට සූදානම් බව රාජ්‍ය නිළධාරීන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බැවින් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මැතිවරණයක් පැවැත්වීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...