පාර්ලිමේන්තුව අසල විරෝධතාවකදී පැහැර ගැණුනු බව කියූ ගිනිඅවිය හමුවෙයි …

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් අතරතුර යුධහමුදා නිලධාරියෙකුට පහරදී පැහැරගෙන ගොස් ඇති බව පැවසුණු ටී 56 ගිනිඅවිය නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ඒ, දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි රාජගිරිය සමනල පාලම යට තිබියදීය.

නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් විසින් පසුගිය 23 වනදා මෙම ටී 56 ගිනිඅවිය සහ හිස් පතුරම් ගැබක් ද සොයාගෙන ඇති අතර ඒවා වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇත.

වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN