පාර්ලිමේන්තුව අසල විරෝධතාවකදී පැහැර ගැණුනු බව කියූ ගිනිඅවිය හමුවෙයි …

Date:

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් අතරතුර යුධහමුදා නිලධාරියෙකුට පහරදී පැහැරගෙන ගොස් ඇති බව පැවසුණු ටී 56 ගිනිඅවිය නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ඒ, දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි රාජගිරිය සමනල පාලම යට තිබියදීය.

නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් විසින් පසුගිය 23 වනදා මෙම ටී 56 ගිනිඅවිය සහ හිස් පතුරම් ගැබක් ද සොයාගෙන ඇති අතර ඒවා වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇත.

වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...