නිර්පාක්ෂික අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන් වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා, ළහිරු වීරසේකර, රංගන ලක්මාල් යන 06 දෙනාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
පසුගිය ජුනි මස 06 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර පොදු දේපළවලට හානි කිරිමේ චෝදනා මත ඉහත සැකකරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. මෙම නඩුව අද කැඳවා තිබූ අතර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ කොටුව පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කර තිබෙන්නේ.
UN