වියත්මගට ටිකට් දීම ඇරඹෙයි : ජයන්ත ද සිල්වා තනතුරෙන් ඉවතට !

Date:

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ජයන්ත ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ වෙනුවට එම තනතුර සඳහා ජ්‍යේඨ මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහතා පත්කර ඇති බව සඳහන්.

ජයන්ත ද සිල්වා මහතා වියත්මග සංවිධානය නියෝජනය කරමින් රජයේ තනතුරු ලැබූ අයෙකු වන අතර වියත්මගේ සෙසු බොහෝ අය මෙන්ම අසාර්ථක චරිතයක් ද විය. කෘතීම බුද්ධිය ගැන කතා කරමින් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ රටේ තාක්ෂණික ක්ෂේත්‍රයේ කිසිදු විශේෂ පිබිදීමක් දක්නට නොලැබුණු අතර ජයන්ත ද සිල්වා මහතා ද ඊට වගකිව යුතු ප්‍රධාන චරිතයකි.

අනෙක් අතට මෙම ඉවත් කිරීමත් සමග වියත්මගට “ටිකට් ලැබෙන්නට” පටන් ගෙන ඇති බවක් ද පෙන්නුම් කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...