බෙල්ලන්විල වෙඩි තැබීමක් !

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW : බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් අයෙකු තුවාල ලබා ඇත. මේ වන විට ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.