හැට පැන්නට වැඩට හපන් ජපන් පුහුණුකරු පිලිප්

Date:

මෙවර ජාතීන් අතර ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට පෝලන්තය සමත් වුණත් වැඩි දෙනෙක්ගේ අවධානය දිනා ගත් කණ්ඩායම බවට පත් වුණේ ජපානයයි.ඔවුන් තරගාවලියේ තෙවන තැන දිනා ගත්තා.
ජපානයේ මේ අලුත් පිබිදීම පිටුපස සිටියේ ප්‍රංශ ජාතික Philippe Georges Antoine Blain කියන අපූරු පුහුණුකරුවායි.පිලිප් බ්ලේන් ලෙස ලෝක ප්‍රකට ඔහු ප්‍රංශ කණ්ඩායමට ක්‍රීඩා කරපු දක්ෂ ක්‍රීඩකයෙක්.නමුත් ඔහු ලෝක ප්‍රකට වන්නේ ක්‍රීඩක භුමිකාවට වඩා පුහුණුකරුවෙක් ලෙස පෑ දස්කම් නිසයි.

ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමක් සමඟ පලමුවරට එකතු වන්නේ 2001 දී ය.ඒ සිය උපන් රට වූ ප්‍රංශ කණ්ඩායම සමඟය.පසුව වෘත්තීය මට්ටමෙන් ඔහුගේ හැකියාව සිය උපන් බිම ඉක්මවා වර්ධනය වන කීර්තියක් සහික වූ විට ඔහුගේ සේවය ලබා ගන්නේ මෙවර ජාතීන් අතර සූරතාවලියේ සූරයන් වූ පෝලන්තය විසිනි.පෝලන්තයට 2014 දී ඔහු ලෝක සූරතාවය දිනා දෙන්නට මඟ පෙන්වන්නේය.ඔහු එම ජයග්‍රහණය වෙනුවෙන් පෝලන්ත ජනාධිපතිවරයාගේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ අතර ඔහු රාජ්‍ය සම්මානයෙන් පවා පිඳුම් ලැබුවේය.

ඉනික්බිති ඔහු 2021 වන විට ජපානයට පැමිණෙන අතර ගෙවුණු වසර දෙක තුළ ඔහුගේ උපායහීලී පුහුණු ක්‍රමවේද ඇතුළේ ජපන් කණ්ඩායම ලද ප්‍රගතිය මෙවර තරගාවලියෙන් කදිමට දැක ගන්නට හැකි විය.අවසාන පූර්ව තරගයේදී ජපානය, සූරතාව දිනූ පෝලන්තයට වට 3-1 ක් සේ පරාජයට පත්වන තෙක්ම ලොව පුරා වොලිබෝල් ලෝලීන් දෑස් විසල් කොට විශ්මයෙන් බලා සිටියේ ජපනුන්ගේ හපන්කම් ගැනය.

ඔවුන් අවසානයේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී ප්‍රබල ඉතාලිය වට 3-2 ට පරාජය කරමින් ඉතිහාසයේ ඉහළම වොලිබෝල් ජයග්‍රහණය ජපානය වෙනුවෙන් ලියා තැබුවේය.තව දුරටත් පිලිප් ජපානය ඉහළට ඔසවා තබන්නට ඇති ඉඩ සුළු නැත.දෙවසරක් ගෙවෙන තැන ඔවුන් ලෝකය ඉදිරියේ කියා පෑවේ පිලිප්ගේ දායකත්වය පිළිබඳ සංදර්ශණාත්මක ප්‍රකාශනය ය.

දැන් පිලිප්ට හරියටම වයස අවුරුදු 63 කි.හැට පැන්නාට පිලිප් වැඩකරුවාය.පුහුණුකරු කාලය විසින් දෙන අත්දැකීම්ද,වෙනස්වන ප්‍රවනතාද එක මිටට ගෙන මුසු කර මැවිය හැකි ඉන්ද්‍රජාල වැනි දක්ෂතාවල පිළිඹිඹුවක්ය.වයස අදාළම නැත.දැණුම එකය.යාවත්කාලීන වන නැවුම් ශිල්පීය ක්‍රම අත්දැකීම්වලින් සුසර කර අලුත් රිද්මයන් තනන්නට හැකි තරමට ඔහු නිර්මාණහීලීය.අපි ජපන් ක්‍රීඩකයන්ගේ හපන්කම්වලින් දැක්කේ ඒ සුසර කළ රිද්මයන් හී ප්‍රවේගකාරී චලන රටාවන්ය.හැටෙන් නොනැවතී තව තවත් වොලිබෝල් හී චමත්කාරය පිණිස පිලිප් හෙට බොහෝ දේ කරනු නිසැකය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...

Tasty Tuesdays: ඉන්දියාවේ රස රහසක තවත් වට්ටෝරුවක්! Masala Dosa: India’s Golden Crunch That Won the World

සටහන – පුලී ජනවාරි 06, කොළඹ (LNW): ඉන්දියාවට ආවේණික රස...