*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

පොල් තෙල් බද්ද නිසා පාම්තෙල් ජාවාරම ජයටම! අපනයන ආදායම ඩොලර් මිලියන 700 කින් පහළට!

කොළඹ LNW:පොල් තෙල් මත බදු වැඩි කිරීම නිසා පාම්තෙල් කවලම් පොල්තෙල් නැවතත් වෙළෙඳ පොළේ පවතින අතර මේ ජාවාරම හේතුවෙන් අපනයන ආදායම ඩොලර් මිලියන 700 කින් පහලා බැස ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට පාම් තෙල් කලවම් කිරීමේ ජාවාරම පිළිබඳ මෙම සංවිධානය විසින් මීට ඉහත දී ද කරුණු හෙළිකළ අතර මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් ආනයනික පොල් තෙල් සදහා කිලෝවකට රුපියල් 25.00 ක බද්දක් පැනවීමට කටයුතු කර තිබේ.

එම බද්ද නිසා වෙළදපොලේ පොල් තෙල් මිල ඉහළ යන අතර ඒ සමගම පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කර අලෙවි කරනු ලබන කූට ව්‍යාපාරිකයින්ගේ වෑයම සාර්ථක වනු ඇති බවයි එම සංවිධානය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ.

එපමණක් ද නොව පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ලැබෙන අපනයන ආදායමද අඩුවනු ඇති බව ඔහු කියාසිටියි.

”2019 වර්ෂයේ පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ වලට අනුව වාර්ශික පොල් අවශ්‍යතාවය ගෙඩි බිලියන 4.9 ක්. ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8 ක් වන අතර මෙරට පොල් තෙල් නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8 ක්. අපනයනය ආශ්‍රිත නිෂ්පාදනය සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.3 ක්. නමුත් වාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන 3.1 කි. මෙම සංඛ්‍යා ලේඛළ අනුව වාර්ශික පොල් හිගය ගෙඩි බිලියන 1.8 ක්.

මෙම හිගය පියවා ගැනීම සදහා විවිධ ක්‍රමභාවිතා කර තිබුණා. ඉන් එක් ක්‍රමවේදයක් වන්නේ මෙරටට පොල් තෙල් ආනයනය කිරීම. 2019 දී මෙරටට ආහාරයට ගත හැකි පොල් තෙල් මෙට්රික් ටොන් 140000- 160000 අතර ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. එම ප්‍රමාණය ලංකාවේ නිෂ්පාදනය කළේ නම් ඒ සදහා වැයවන පොල්ගෙඩි ප්‍රමාණය ගෙඩි බිලියන 1.4 – 1.6 ට සමානයි. පොල් තෙල් මිල ආනයනික බදු ඉහළ දැමීම නිසා පොල් ආනයනය කිරීම නවතා දැමුවොත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගේ පොල් තෙල් අවශ්‍යතාවය පිරිමසා ගැනීම සදහා පොල් ගෙඩි බිලියන 1.4 – 1.6 ප්‍රමාණයක් වැය කිරීමට සිදුවෙනවා. එසේ පොල් ලබා ගැනීම නිසා අපනයනය ආශ්‍රිත නිෂ්පාදන අඩුවන නිසා වාර්ෂිකව අඩුවන අපනයන ආදායම ඩොලර් මිලියන 700 ක්.

පොල්තෙල් සදහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය වැඩි වී පාම් ඔයිල් සදහා පනවා ඇති තීරුබදු ප්‍රමාණය අඩුවු සෑම අවස්ථාවකම කූට ව්‍යාපාරිකයින් විසින් පොල් තෙල් සදහා පාම් තෙල් කවලම් කොට විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක වුණා. පසුගිය වසර විසිපහක් පුරා එම ජාවාරම ක්‍රියාත්මක වූ අතර එම ජාවාරම නැවැත්වීම සදහා රජය විසින් පාම්තෙල් සදහා වන තීරු බදු ප්‍රමාණය වැඩි කල අතර පොල් තෙල් සදහා පැනවන තීරුබදු ප්‍රමාණය පාම්තෙල් සදහා පනවන තීරු බදු ප්‍රමාණයට වඩා අඩු අගයකින් යුක්තව පවත්වා ගෙන යාමට කටුයුතු කර තිබෙනවා. ඒ නිසාම පොල් තෙල්වලට පාම් තෙල් කවලම් කරන ජාවාරම නැවතුණා.

මෙම ජාවාරම්කරුවන් විටින් විට විවිධ ස්වරූපයෙන් පැමිණ පොල්තෙල්වලට පනවා ඇති තීරුබදු ප්‍රමාණයට වඩා අඩු අගයක් පාම්තෙල් සදහා පනවා ගැනීම සදහා උත්සහයක නිරත වෙනවා. මෙම අවස්ථාවේදී පොල් තෙල් සදහා පනවා ඇති තීරුබදු ප්‍රමාණය රුපියල් 25 කින් වැඩි කරන ලද්දේ එම උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන්.

රජයක් බදු පැනවීමේදී සෑම අංශයක් පිළිබදවම සොයා බැලිය යුතුයි. එක් අන්තයක් පිළිබදවම බලා තීරණ ගැනීම නිසා රටේ ආර්ථිකයට මෙන්ම රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ලවෙනවා. එසේම අපනයන ආදායමද පහත වැටෙනවා.

එම නිසා අප සංවිධානය වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ පොල් තෙල් සදහා රුපියල් 25 කින් පැනවූ තීරු බද්ද පිළිබදව නැවතත් සලකා බලන ලෙසයි. නැතහොත් පාම් තෙල් සදහා වන තීරු බද්දද රුපියල් 25 කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් විතානගේ මහතා වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan