*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/25

  1. ඉදිරි මාස කිහිපය තුළ ‘විසිට් ශ්‍රී ලංකා’ (Visit Sri Lanka) නමින් නව සංචාරක සැලැස්මක් රජය විසින් එළිදක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ඊට අදාළ යෝජනාව සම්පාදනයේ අවසන් අදියරේ පවතින අතර එය අවසන් වූ වහාම ප්‍රසිද්ධියට පත් කරන බව පවසයි.
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්තයට හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කොට කෘෂිකර්ම හා වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ පවසයි: ඊට අදාළ මූලික කෙටුම්පත මේ වන විටත් සකස් කර ඇති අතර මූලික වැඩකටයුතු මේ වසරේ අවසන් කිරීමට අදහස් කරන බව ද පවසයි.
  3. විදේශ විනිමය බාහිර ප්‍රේෂණ සඳහා පනවා තිබූ යම් සීමාවන් / අත්හිටුවීම් ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නව නියෝගයක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි: “විනිමය අනුපාතිකයේ පීඩනය අවම කිරීම සහ රටේ විදේශ මුදල් සංචිත තත්ත්වය ආරක්ෂා කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට සහාය වීම සහ පවත්වාගෙන යාමේ අරමුණින්” මෙම පියවර ගෙන ඇති බව පවසයි.
  4. ආණ්ඩු පක්ෂ පා.ම. ජයන්ත කැටගොඩ විසින් පළාත් පාලන ආයතන යළි කැඳවීමට අදාළව ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සහ ජනමත විමසුමක් අවශ්‍ය වන බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට පවසයි: නගර සභා සහ මහනගර සභා සම්බන්ධයෙන් වන මහනගර ආඥාපනත සංශෝධන කිරීමට අදාළ පනත් කෙටුම්පතේ ඉදිරිපත් කර ඇති ඇතැම් වගන්ති හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය වන බව පවසයි.
  5. BBC One නාලිකාවේ News At Six පුවත් නිවේදක වන, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කීර්තිමත් මාධ්‍යවේදියකු වන ජෝර්ජ් අලගයියා (George Alagiah) අභාවප්‍රාප්ත වෙයි: මිය යන විට වයස අවුරුදු 67: 2014 වසරේ දී අලගයියා ට අන්ත්‍ර පිළිකාවේ සිව්වන අදියර (stage four bowel cancer) වැළඳී තිබෙන බවට හඳුනා ගත් අතර, එය ඔහුගේ අක්මාව සහ වසා ගැටිති දක්වා පැතිර ගොස් තිබිණි.
  6. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෑත කාලීනව සිදුකරන ලද වෙනස්කම් සහ රජය විසින් එහි කොටස් බෙදා හැරීමට ගෙන ඇති තීරණය අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව එම සමාගමේ නව සභාපති රෙයාස් මිහුලාර් (Reyaz Mihular) පවසයි: SLT-Mobitel වෘත්තීයමය වශයෙන් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස තමාට වගකීමක් පැවරී ඇති බවත්, එබැවින් එහි කොටස් විකිණීම පිළිබඳව එහි කොටස් හිමියන්ට කොන්දේසි පැනවිය නොහැකි බවත් අවධාරණය කරයි: තම සමාගම තුළ සිදු කරන ලද වෙනස්කම් සම්පූර්ණයෙන් ම “යහපාලන පිළිවෙත් අනුගමනය කරමින් SLT-Mobitel නිසි ලෙස කලමනාකරණය කිරීම සහතික කිරීම සඳහා” සිදුකළ බව ද පවසයි.
  7. ආනයනික පොල් තෙල් සඳහා රු. 25 ක බද්දක් පැනවීමත් සමඟ පාම් තෙල් කලවම් කළ පොල්තෙල් අලෙවි කිරීමේ ජාවාරම ඉහළින්ම ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි: මෙමඟින් අපනයන ආදායමින් ඇ.ඩො. මිලියන 700 ක් අහිමිවන බව පෙන්වා දෙයි: මෙමඟින් කූට වෙළෙන්දන්ට පාම් තෙල් කලවම්කළ පොල්තෙල් විකිණීමේ ජාවාරම දිගටම පවත්වාගෙන යාමට ඉඩ සලසා දී ඇති බවට චෝදනා කරයි: පාම් ඔයිල් සඳහා ද පනවා ඇති තීරු බද්ද වැඩි කරන මෙන් රජයෙන් ඉල්ලා සිටියි.
  8. හොරණ ප්‍රදේශයේ රබර් කම්හලක රසායනික අපද්‍රව්‍ය බැහැර කරන ටැංකියකට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්, වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම් ආර්.ජී.ඒ. විමලවීර අත්අඩංගුවට ගන්නා ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි: මෙම සිදුවීමට අදාළව අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කරන මෙන් හිටපු කම්හල් පරීක්ෂක ඉංජිනේරුවරයකුට බලපෑම් එල්ල කළ බවට විමලවීරට චෝදනා එල්ල වී තිබේ.
  9. ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම දේශීය රක්‍ෂණකරුවන්ගේ ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම අඩු කිරීමට ඉඩ ඇති බව ෆිච් රේටිංස් (Fitch Ratings) ආයතනය පවසයි: දේශීය බැංකු පද්ධතියේ පවතින දුබල විදේශ මුදල් ද්‍රවශීලතාවය විසින්, ප්‍රතිරක්ෂණ ගෙවීම් (reinsurance payments), විදේශ මුදල් ප්‍රතිපත්තිවල (foreign currency-denominated policies) කුඩා කොටසකින් පැන නගින වගකීම් අපේක්ෂා කිරීම ආදී විදේශ මුදල් ප්‍රතිපත්තිවලට රක්ෂකයන්ට මුහුණ දීමට සිදුවීම දිගටම සීමා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව පවසයි.
  10. කාන්තාවකට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුවී ඇති නඩුව පිළිබඳව “විශාල” මාධ්‍ය ආවරණයක් ලබා දීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඩවුනිං සෙන්ටර් (Sydney Downing Centre) දිස්ත්‍රික් අධිකරණය ප්‍රශ්න කරයි: ගුණතිලකට එල්ල වී ඇති චෝදනා පිළිබඳව පුවත්පතක මුල් පිටුවේ පළවී තිබීම දැකීමෙන් පසු ඔහුට එල්ලවන අගතිය පිළිබඳ විනිසුරු වෝර්වික් හන්ට් අවධානය යොමු කරයි: මෙවන් ප්‍රචාරණයකින් පසු ඔහුට සාධාරණ නඩු විභාගයක් ලබා ගත හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්න කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan