අලුත්ම බිල්ලා ගැන රංගේ කියපු කතාව!

Date:

කොළඹ LNW:ඉදිරියේදී ඉන්දියානු ව්‍යාප්තවාදය යනුවෙන් බිල්ලෙක් මවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ ඇතිකරගත් එකඟතා එකවරම ක්‍රියාත්මක නොවුණද ඉන්දියානු බලය සම්බන්ධ කරගනිමින් බිල්ලෙක් මවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

“ජනාධිපතිතුමා ඉන්දියාවත් එක්ක ගිහිල්ලා කතා කරේ මොනවා ද. මුදල් සම්බන්ධතාවය තියාගැනීම. බලශක්තිය සහ විදුලිය සම්බන්ධතාවය ඇතිකරගැනීම. ගොඩබිමින් ඉන්දියාවට යාමට සහ ඉන්දියාවේ සිට ලංකාවට ඒමට මාර්ගයක් සකස් කිරීම ඉන්දියන් රුපියල අපි පිළිගන්න. අපේ රුපියල ඒගොල්ලෝ පිළිගන්න. හැබැයි මේ ටික දැන් කරලා එනකොට මේක හෙට ඉඳලා ක්‍රියාත්මක කරන්න නෙවෙයි නේ. මේ යෝජනා ටික ඉන්දියාවත් පිළිගත්තාම අපිට සිද්ධවෙනවා මේ යෝජනා ටික පාර්ලිමේන්තුවට දාන්න. මේ ඇතිවෙන තත්ත්වයන් පෙන්වන්නේ නෑ; වෙන බිල්ලෙක් මවනවා ව්‍යාප්තවාදය කියලා. ඉන්දියාව බලය අත්පත් කරගන්නවා; ශ්‍රී ලංකාව යටපත් කරනවා; පැරණි ඉන්දු ලංකා ගිවිසුම තමයි මේ රනිල් ගිහිල්ලා ක්‍රියාත්මක කරන්නේ කියලා අද ඉඳලා ගහන්න පටන්ගත්තේ නැත්නම් ඔන්න බලන්නකෝ. මෙලහකටත් මාධ්‍ය සාකච්ඡා තියලා කියලා ඇති”යනුවෙන් රංගේ බණ්ඩාර මහතා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...