පුරන් කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් සහනාධාරයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පුරන් කුඹුරු අක්කරයක මුලික බිම් සැකසීම සඳහා ගොවීන් හට රුපියල් 36,000ක මුදලක් සහනාධාරයක් වශයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව , අප රටේ වැඩිපුරම පුරන් කුඹුරු දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතෙනි. දැනට වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000ක් බව වාර්තා පෙන්වා දෙයි.

මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2,749කි. ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1,012ක් වේ. 

පුරන් කුඹුරු වාර්තාවීමට ප්‍රධාන හේතුව අස්වැන්න අඩු නිසා ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් වගා කිරීම අත්හැර දැමීම, ශ්‍රම හිඟය හා කුඹුරු අයිතිකරුවන් වි‌දේශගතවීම මෙන්ම ඇතැම් කුඹුරු ජලය බැස නොයාම නිසා වගුරු බවට පත්වීමයි. මේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් කුඹුරු බවට පත් වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ .

මෙම කුඹුරු වගා කිරීම අයිතිකරුවන්ගේ වගකීමකි. ඔවුන් විසින් වගා නොකරන්නේ නම් ගොවිජන සේවා පනත යටතේ එම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට  පවරා ගෙන වගා කළ හැකි පුද්ගලයින්ට පැවරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල ඇත .

මේ අතර බස්නාහිර පළාතේ ඇතැම් පුරන් කුඹුරු මෙන්ම වගා කටයුතු සිදුවෙන කුඹුරු ද සෝජාන් ක්‍රමය යටතේ එළවළු හා පලතුරු මෙන්ම මත්ස්‍ය වගාව සඳහා ද මේ වනවිට යොදා ගෙන ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ , ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වගා කළ හැකි හැම ඉඩමක්ම වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් මෙම පුරන් කුඹුරු ද වගා කිරීම සඳහා රජය සම්පූර්ණ සහයෝගය දක්වන බවයි .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ , 2023 වසරේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 430ක මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර ,ඒ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන පුද්ගලයින්ට මුලික බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 36,000ක මුදලක් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...