*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

අවසාන තරගයට පෙර හමුවන පකිස්තානු කඩුල්ල


සටහන – නිශ්මං රණසිංහ
ජූලි 26 LNW කොළඹ :
අද තීරණාත්මක තරගයකි.පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස ඉතිහාසය දෙස බලන විට දෙපිළේ තරග වැදීමේ ආරම්භයේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිට ඇත.අද ඉතිහාසයේ කැපී පෙණෙන තත්ත්වයකට පැමිණ තිබෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරන්නට අපොහොසත්ව සිටි කණ්ඩායම් පරාජය කරමින් දක්ෂතා දක්වා ඇත.එහෙත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉතිහාසය සළකා බලන විට අමතක කළ නොහැකි චරිත ගණනාවක දස්කම් ද පහසුවෙන් බැහැර කළ නොහැකිය.
මෑත කාලය සළකා බලද්දී ශෂිකලා සිරිවර්ධන නායකත්වය දරමින් සහ තුන් ඉරියව් දස්කම් දක්වමින් දැක් වූ දක්ෂතා පහසුවෙන් අමතක කරන්නට නොහැකි විය.එම කණ්ඩායම එක් ලෝක කුසලානයක් තුළ දී ලෝකයේස අවධානයට ලක් වූ ජයග්‍රහණ ලබමින් කැපී පෙණුන අයුරු අපට අමතක කළ නොහැකිය.එහිදී ද චමරි අතපත්තු කැපී පෙණින.

ඒෂානි ලොකුසූරිය,යශෝධා මෙණ්ඩිස්,දීපිකා රසාංගිකා ( පසුව බහරේනය නියෝජනය කරමින් ද ක්‍රීඩා කර ඇති අතර ඇය බහරේනය නියෝජනය කරමින් රැස් කර ඇති ලකුණු 161 මේ දක්වාම එක්දින ජාත්‍යන්තර තරගයක ක්‍රීඩිකාවකගේ හොඳම ඉණිම හැටියට සැළකේ.) වැනි ක්‍රීඩිකාවෝ අමතක කළ නොහැකිය.
පකිස්තානය සමඟ ලාකංවේ ක්‍රිකට්වල පෑහීම සළකද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් පළමු වරට සහ අවසාන වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ ද පකිස්තානය සමඟය.එම තරගයේදී ද ශ්‍රී ලංකාව දැවන්ත ජයක් ලැබීය.එහි නායිනාව වූයේ රසාංජලී සිල්වා ය.එහිදී කැපී පෙණෙන තුන් ඉරියව් දස්කම් දැක් වූ චාමිනි සෙනවිරත්න ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට්වලට අද පරිපාලනය තරමට එකල පරිපාලන ද අවධානය යොමු කළේ නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්නට උන් ක්‍රීඩිකාවක්.වැනේසා ද සිල්වා ද ඒ ඉතිහාසයේ දක්ෂ ක්‍රීඩිකාවක්ය.එසේම එකල රංගන ශිල්පිණියක ලෙසද කැපී පෙණුන කල්පනා ලියනආරච්චි ද එබඳුය.කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සිටි දක්ෂතම පිතිකාරිණියක වන දේදුණු ද සිල්වා අද ද විනිසුරුවරියක ලෙස අපට දකින්නට ලැබෙන්නේය.

මේ සියලු ඉතිහාස කරුණු සමඟ පකිස්තානය සමග සසඳද්දී මේ මොහොත වන විට චමරිගේ නායකත්වය යටතේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉතිහාසයේ කිසිදාක නොවුණු තරමට කාන්තා ක්‍රිකට් කෙරෙහි අවධානය සහ අවස්ථා නිර්මාණය කර තිබියදී සිටින ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම සිටින්නේ ලෝකයේ ඕනෑම කණ්ඩායමතට අභියෝගයක් එල්ල කළ හැකි මට්ටමකය.මේ තත්ත්වයට කණ්ඩායම පත් කිරිමට නායිකා චමරි ද පවසන ආකාරයට රොමේෂ්ගේ පුහුණුකරු ධූරය මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය දරන වගකීම් ද බැහැර කළ නොහැකිය.මේ තත්ත්වය යටතේ අවසාන අවස්ථා දෙකේදීම පකිස්තානය හමු වූ මොහොතවල් ශ්‍රී ලංකාවට ජය ලැබෙමින් නිමාවට පත් වුව ද,ඊට පෙර අවස්ථා තුනේම ඇත්තේ ශ්‍රී ලංකාවට හිමි වුණ පරාජයන්ය.

චමරි නායිකාවක ලෙස දක්වන පරිණත ස්වභාවය මෙන්ම අවසාන තරග දෙකේදීම දැක් වූ සුවිශේෂි පිතිහරඹය ශ්‍රී ලංකාවට ධනාත්මක සළකුණක්ය.කෙසේ වුව අතේ ඇති ආබාධයකින් ද සුළුවෙන් හෝ පීඩා විඳිමින් සිටින මොහොතක චමරි අද පකිස්තාන තරගය ශ්‍රී ලංකාවට පහසු මට්ටමකින් දෙවන වර පන්දුවට පහර දීමේ අවස්ථාව පැමිණියහොත් විවේක ගෙන ආරම්භක පිතිකරු යුගලය ලෙස විශ්මි සහ හර්ෂිතා මාධවී යොදවන්නටත් ඉඩ ඇත.මේ වන විට ශ්‍රී ලංකාව සතුව චමරි තරම් ප්‍රහාරාත්මක වේගයක් ඇති පිතිකාරිණියක නැතත්,හොඳ,විශ්වාසය තැබිය හැකි පිතිකාරිණියන් තිහිප දෙනෙකුම දකින්නට සිටීම වැදගත්ය.

චමරිලාට පාසල් අවධියේ සිටම ලෙදර් බෝල ක්‍රිකට් අවස්ථාව නැතත්,වර්ඛමානය වන විට ලෝකයම විශ්මයට පත් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පාසල් පිටියෙන් අවුරුදු 15- 16 ක්‍රීඩිකාවන් මතුවන තරමට ක්‍රිකට් ව්‍යාප්ත කරන්නට වර්ථමාන පරිපාලනය පොහොසත්ව ඇත.ජාතික මට්ටමේ තරගවලය පළාත්,දිස්ත්‍රික් පමණක් නොව ඊට පහළට ද දක්ෂයන් එක්තැන් කර හදන කණ්ඩායම්වලින් දක්ෂයින් පැමිණ ප්‍රවීනයන්ට අභියෝග කරන මට්ටමට වැඩෙමින් ඇත.මීට වසර කිහිපයකට පෙර ආසන්නම ඉතිහාසයේත් ශ්‍රී ලංකාවට ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ වැනි දඟ පන්දු යවන්නියන් හොයා ගැනීම දුෂ්කර වේ යැයි සිතුණ ද,අද ඔවුන්ව ජාතික කණ්ඩායමෙන් එළියෙන් තබා අන්තර්ජාතික අවධානය දිනා ගත හැකි මට්ටමේ වෙනත් දඟ පන්දු යවන්නියන් නිර්මාණය වන තරමට කාන්තා ක්‍රිකට්වල තත්ත්වය උසස්ව ඇත.ඒ නිසා පකිස්තානය පමණක් නොව ආඩම්බරකාර ඉන්දියාවටත් ගොඩ එන්න පහසු නැති කණ්ඩායමක් බවට වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායම පත්ව ඇත.
එහෙත් චමරි කියන්නා සේම කිසිම කණ්ඩායමක් තරගයකදී සුළුවෙන් ගත යුතු නැත.කිසිම වරදක් නොකිරීම වැදගත්ය.උපරිමය ලබා දෙමින් පකිස්තානය පමණක් නොව ඉන්දියාවද පරාජය කිරීමේ හැකි මට්ටමක ශ්‍රී ලංකාව සිටින බව ඇත්තය.එහෙත් අවිනිශ්චිත ස්වභාවය මත එදා දවසේ හොඳම කණ්ඩායම ජය ගැනීම වළක්වන්නට නොහැකිය.එබැවින් අප ප්‍රාර්ථනා කරන්නේ අද ශ්‍රී ලංකාවේ දවස හොඳ වේවා යන්නය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan