කොළඹ වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට. කාන්තාවකට බරපතළ තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ කාන්තාව ඔහුගේ ඥාතියෙකු වන 56 හැවිරිදි අයෙකු බව සඳහන්.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් බේස්ලයින් පාරේ සිට වදුල්ලවත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...