ජයගමු ශ්‍රී ලංකා කොළඹට !

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ (LNW):

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන “ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය” වැඩසටහන ජුලි මස 27 සහ 28 යන දෙදින හෝමාගම බස්නැවතුම්පල පරිශ්‍රයේදී " පැවැත්වීමට නියමිත අතර, ඩිජිටල් පරම්පරාවක් බිහිකිරීම හා බුද්ධිමත් ශ්‍රී ලාංකික කම්කරුවන් බිහිකිරීම මෙහි අරමුණ බව අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ වූ දා සිට අද දක්වා දිවයින පුරා දිස්ත්‍රික්ක රැසකට ඵලදායි ලෙස ව්‍යාප්ත වී ඇති අතර, රැකියා සොයන පුද්ගලයින්ට මෙන්ම දැනටමත් සේවයේ නියුතු පුද්ගලයින්ට වැඩි වැඩියෙන් ආධාර ලබා දෙන බව පැවසේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රම වාසනා අරමුදල, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්‍රමණික සේවක හරසර ඇතුළු අනුබද්ධ සංවිධාන සමඟ එක්ව මහජන සුබසාධන ගෙවීම් බෙදා හැරීම අධීක්ෂණය කෙරෙයි. පාසල් සඳහා ස්මාර්ට් පුවරු සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදෙමින් ජනතාවට සේවය ලබාදෙන අතර, රැකියා විකල්ප ප්‍රවර්ධනය කිරීමට අමතරව, “ජයගමු ශ්‍රී ලංකා” අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල්වලට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහාද සහාය වෙයි.මෙය විදේශ රැකියා සහ සියලුම කම්කරු අමාත්‍යාංශ ආයතන සමඟ මහජන අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සපයන අතර සාමාන්‍යයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයට යාමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීමට ප්‍රදේශවාසීන්ට ඉඩ සලසා දෙන බවද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...