රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ (LNW):
ප්රජාතන්ත්රවාදය සහ අවිහිංසාවාදය ගැන කටමැද දොඩවන මාලිමාවේ ලාල් කාන්තලා අනුර කුමාර ජනාධිපති වීමටත් කලින් මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නිලධාරීන් දඬු කඳේ ගැසීමට තර්ජනය කිරීමට පටන් ගෙන ඇති බව, පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද අ(26) උදෑසන මාදිවෙලදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ,
” මේ ලාල්කාන්ත මහත්මයාට අපි අවධාරණය කරනවා ඔබ එකක් තේරුම් ගන්න, ඔබ ගමට නීතිය සහ යුක්තිය පසඳලීමට බලය ගමට බෙදා හැරීමට ඔබලා උත්සාහයක යෙදෙන බව අපට පේනවා. ඒ තුළින් ඔබ උත්සාහ කරන්නේ අර 88-89 කාලයේ ගම්වල හිටපු සාමාන්‍ය අහිංසක මිනිස්සු මරා දමපු ඒ භීෂණය නැවත තමන්ගේ පාක්ෂිකයන්ට කැඳවීමටද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා” යනුවෙනුයි.